ගිය රජය කාලේ දූෂණ වංචා විශාල වශයෙන් සිදුවී ඇති බවත් ඒවායේ සත්‍ය සොයා විමර්ශන කිරීමට කිසියම් කාලයක් ගතවන බවත් රටේ දුප්පත් අහිංසක ජනතාවට වංචා හා දූෂණ මගින් හානියක් සිදුවී ඇති බවත් ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ලැසිල් ද සිල්වා මහතා හික්කඩුවේ උත්සවයකට සහභාගීවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන විදියට නම් අවුරුදු 20 ක් විතර යයි. මොකද පහුගිය කාලේ හිටපු දේශපාලකයන් පුදුම විදිහටනේ හොරකම් කරලා තියෙන්නෙ. (නි)
කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු පොඩ්ඩ පොඩ්ඩ තිබෙනවා. (නි)
ලංකාව පසුගිය කාලයේ කොතරම් වංචා දුෂණ හොරමැරකම් වලට ලක්වෙලා, අවනීතිය රජවෙලා තිබුනද කියනවානම් නියම විදියට පරීක්ෂණ පවත්වා සාක්කි එක්රැස්කොට චෝදනා ගොනු කිරීම මහජනතාව දකින්නේ බොරුවට කාලය මැරීමක් විදියටයි .(බ)
දැන් ඔහොම කියයි.(හේ)
ඉතාමත් සුක්ෂම විදිහට කරපු හොරකම් අල්ලන්ඩ කාලයක් ගත වේවි. මහජනතාව හිතෙන තරම් ලේසි නැහැ මේ ක්‍රියාදාමය. (බ)
හොරු අල්ලන්න තවත් කල් යයි වගේ.(හේ)
සත්‍ය සොයා විමර්ශන කිරීමට කාලයක් ගතවේ නම් කොහොමද කියන්නේ දුෂණ සිදු වුනා කියලා ? (හේ)
රුපියල් 10-20 ක් වගේ දුෂණය සිද්ධ වෙලානම් කපුටන්ට බලුකපුටු දානයක් දුන්න කියලා/හිගන්නන්ට දානයක් දුන්න කියලා හිත හදා ගන්න පුළුවනි.එත් රුපියල් කෝටි දහස් ගණනකින් සිද්ධ වුන දුෂණ එහෙම හිත හදා ගන්න බැහැනේ.ඒ නිසා කරන පරීක්ෂණයක් ඉක්මනින් කරන්න.දැඩි දඩුවම් දෙන්න.මේ ගැන ලෝකෙම බලන් ඉන්නවා.(හේ)
ඔව් මේ අවුරුදු පහම ගන්නකො එතකොට තව පහක් ඉල්ලන්න පුළුවන් නේ ඉතිරිය හොයන්න.පොඩි මිනිහෙක් දෙයක් කළොත් පැය 24 උසාවි දාල හිරෙත් දානවා (බ)
දැන් පේනවා නේද, (හේ)