බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත් , වරප්‍රසාද , බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරිම සම්බන්ධව විමර්ශනය කිරිම සඳහා වු ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ කටයුතුවල ප්‍රගතිය දැක්වෙන මුලික වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මෙම සතියේ දී භාරදිමට නියමිත බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය. කොමිසම පත්කළ පසු ලබාදෙන ප්‍රථම වාර්තාව මෙයයි.
ලැබී ඇති මහජන පැමිණිලි වල අනුපිළිවෙළ පැමිණිලි හතළිස් පහක් සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන සම්බන්ධවත් මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.
දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයින් රජයේ සේවකයින් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධාරින් ලෙස සේවයේ නිරතව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුදගලයින් සම්බන්ධයෙන් එම මහජන පැමිණිලි ලැබි ඇත.
2010 ජනවාරි මාසයේ 10 දා සිට 2015 ජනවාරි මාසයේ 10 දක්වා කාලසිමාවේ දී යථෝක්ත වැරදි සහ වැරදි සම්බන්ධව මහජන පැමිණිලි භාර ගැනිම කොමිසම දිගටම සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමට ලැබී තිබෙන සියලුම පැමිණිලි විභාගයට ගන්නවාද?(හේ)
පහුගිය කාලේ දූෂණ වංචා විතරද වුණේ? (නි)
ප්‍රකාශ් කියන්නා වගේ ලැබුණු ඔක්කොම පැමිණිලි විභාගයට ගන්නවද කියන ප්‍රශ්නේ වගේම එම පැමිණිලි විභාග කරන අනුපිලිවෙල තීරණය කරන්නේ කවර ආකාරයටද යන්නත් රුපියල් නෙවෙයි ඩොලර් බිලියනය ගණනින් ලන්සු තැබිය යුතු වටිනා ප්‍රශ්න වෙයි. (අ)
මෙම වැරදි සඳහා අවංකවම නිසි පියවර ගන්නේ නම් මුළු මහත් ජාතියේම පැතුම් සඵලවීමක්. නමුත් එය කෙරෙනතුරු බලාපොරොත්තුවක් පමණයි. (නි)
අර මහ බැංකුවේ ළඟදි වෙච්ච මහා වංචාව ගැනත් ඕකේ කියලා තිබෙනවද? (නි)
දැන් ගොඩක් අයගේ කකුල් වෙවුලනවා ඇති (නි)