වංචා, දූෂණ සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට එරෙහිව ගතයුතු තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අවංක, කි‍්‍රයාශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බව පැවසූ ජනපති දූෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතා කර සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව අද(2) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමින් පැවසීය.
තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාර ගත්තේ තම පවුලේ කිසිවෙකුට ඔටුනු පැළඳවීමට නොව රටේ සමස්ත තරුණ පරපුර සහ පොදු ජනතාව වෙනුවෙන් සුබදායී අනාගතයක් ගොඩනගාදීමට පක්ෂය ශක්තිමත් කිරීමට බව ද පැවසූ ජනපති පක්ෂයේ ගමන් මග වෙනුවෙන් විවිධ බාධා එල්ලවන බවත් කීවේය. තමාට පක්ෂයේ සභාපතිත්වය භාර ගැනීමට ආරාධනා කළානම් පක්ෂය ඉදිරියට කරගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවද ජනපති කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති මණ්ඩලේට අත නොතබනු කියල අර කට්ටිය කියන බව පත්තරෙන් අපි දැක්ක. එතකොට අරහේ කකුලෙන් අදින කට්ටියත් ලේසියෙන් අතාරින්නෙ නැති බව පේනවා. ඉතින් කොයිතරම උතුම් පරමාර්ථ තිබුනත් ඒවා ක්‍රියාවට නංවන්න පුලුවන්ද කියලයි ප්‍රශ්නේ.
හැමදාම ඔය බණේ දෙසදෙස ඉන්නවා. ඇතුලේ හොරු රැල ගජරාමෙට ගසා කනවා. මේ බොරු සෝබන රට රවට්ටන විදිහ දැකල අහල අපිට ඇතිවෙලා. අහන නඩුවකුත් නැහැ දෙන දඬුවමකුත් නැහැ. හැමදාම රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටිනවා. ඔහොම යනකොට ඔබගේ බල කාලයත් ඔහේ අයාලේ ගෙවිලා යාවි.
කියන්නකෝ බලන්න එහෙනම් අර එතනොල්කාරයන්ට එරෙහිව ගත්ත පියවර?
ඔබතුමගෙත් විසිල් විතරයි.බල්ටි නෑ.
මේ ප්‍රකාශය කරලා තියෙන්නේ අප්‍රේල් පළමුවෙනිදා මම හිතන්නේ. එක නිසා මේ කියන දේශපාලකයන් කලබල වෙන්න උවමනා නැහැ.
අවුරුදු පහම බයිලා ගහමු
ඔය වගේ සුරඟන කතා පසුගිය කාලය පුරාවටම අපි ඇහැව්වා දැක්ක. එත් කරපු කෙන් ගෙඩියක් නම් නැහැ. මහමැතිවරණයේදී තමන්ගේ පක්ෂයට චන්දෙ දීල වැඩක් නැහැ කියපු කටින්ම දැන් පක්ෂය දිනවනවලු.
එහෙනම් මුලින්ම ගන්න ඕන අර ඔස්ට්‍රේලියාවෙන් අල්ලස්ගත්ත කෙනා . ඇද කකුළුවා කෙලින් යන්න අනික් අයට කියන හැටි
පසුබට වෙන්නේ නෑ කියන්නේ අවුරුදු 10 කට කලින් දඬුවම් කරන එක වෙන්න ඇති.
ඕනෑනම් දකුණු කොරියාවෙන් ආදර්ශයක් ගන්න පුළුවන් මෑතකදී ඒ රටේ සිදු වුන සිදුවීම් වලින් .
ජනතාව එලවපු හොර රැල ඇතුලට ගෙන නටන නාඩගම මොකක්ද?