(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම අඩම්පන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් අද (06) දින විරෝධතාවක් අරඹා තිබේ.

 මංසන්ධියට වහාම පොලිස් මාර්ග බාධකයන් යොදන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.

අඩම්පන් මාර්ගයට කාපට් යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් ප්‍රදේශයේ තරුණයින් අධික වේගයකින් යතුරුපැදි ඇතුලු රථවාහන ධාවනයේ යෙදීම නිසා අනතුරු බහුලව සිදුවන බවට ඔවුහු පවසති.

මාර්ගයේ ස්ථාන කිහිපයකින් මාර්ග බාධක යොදා පොලීසියද රැඳී සිටින්නේනම් වාහනවල අධික වේගය පාලනය වන බැවින් වහාම මාර්ග බාධකයන් යොදන ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.