උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් හා පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් අතර පැවැත්වීමට තිබූ විශේෂ සාකච්ඡාව මහ ඇමතිවරයා විසින්ම දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි උතුරේ ආරංචි කියයි.
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරේ දේශපාලන බලවේග කිහිපයක් හා එක්ව විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගත් දෙමළ ජනතා සන්සදය නම් නව දේශපාලන බලවේගය හා තවදුරටත් සිටින්නේද නැතිද යන්න පිළිබදව තීරණය ප්‍රකාශ කිරීම සදහා මෙම හදිසි රැස්වීම කැදවා තිබිණි.
දෙමළ ජාතික ස්න්ධාන නායකත්වය ප්‍රමුඛ නියෝජිතයන් බහුතරයක් විග්නේශ්වරන්ගේ මෙම ක්‍රියාකලාපයට එරෙහි වීම මත එම සන්සදය විසුරුවා හරිනු ඇතැයි උතුරේ දේශපාලන ආරන්චි මාර්ග අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විග්නේෂ්වරන්ගේ වයර් පැටළිලා වගෙයි මේ දවස් වල (නි)
මෙයා කොහොමත් උඩපැන්නා වැඩියි පහුගිය කාලෙම! (නි)
ඇල් වතුරත් නිවල බොන කෙනෙක් තමයි මෙයා. (බ)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)