IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විග්නේෂ්වරන් ජයලලිතාගේ ජය සමරන්න හදයි

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් යළි එම පදවියට පත්වීමේ ජය සැමරීම සම්බන්ධයෙන් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් උතුරු සභාවට ගෙන ආ යෝජනාව හේතුවෙන් මන්‍ත්‍රීවරුන් අතර උණුසුම් තත්වයක් ඇති විය.

‘ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහ ඇමතිනිය විදිහට හයවන වරටත් දිවුරුම් දුන්නා ඒක අපිට විශාල සතුටක් ඇයට අපේ සුභපැතුම් එක් කරනවා. තමිල්නාඩුවට හා දෙමළ ජනතාවට ඇය කළ සේවය තමයි මේ ජයග්‍රහණයට හේතුව වුනේ ඇගේ ජයග්‍රහණය පිළිබඳව මෙරට දෙමළ ජනතාවත් සතුටට පත් වනවා‘ යැයි විග්නේෂ්වරන් කීවේය.

එම ප්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා විරුද්ධ විය.

‘‘අද මේ සභාවට අමතක වෙලාද පසුගියදා මේ රටට බලපාපු ව්‍යසනයෙන් සිය ගාණක් මැරිලා සිය ගාණක් අතුරුදන් වෙලා ලක්ෂ ගාණක් ජනතාව අනාථ වෙලා ඉන්නව කියලා. එහෙම තියෙද්දි මේ අල්ලපු ගෙදර ඉන්න ජයලලිතගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු කඳුලු හළන මේ සභාවත් ශ්‍රී ලාකිකයින් හැටියටත් දුක් වෙන්න ඕන අවස්ථාවක්. විශේෂයෙන්ම උතුරෙත් කිලිනොච්චියේත් විශාල ජනතාවකට මේක බලපෑවා. ඒකට අපි සභා වාරය ආරම්භයේදීම කරන්න ඕන ජයලලිතගේ ජයග්‍රහනය සමරන එක නෙමෙයි. ඒ ව්‍යසනය වෙනුවේ අපි සියලුදෙනා එක්ව උතුරු පළාත් සභාවෙන්ම කනගාටුව ශෝකය ප්‍රකාශ කිරීමයි‘‘ යනුවෙන් ඔහු කීවේය.

පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් කියා සිටියේ ශෝකය ප්‍රකාශ හා කනගාටුව ප්‍රකාශ කිරීමට තමන් බලා පොරොත්තුවෙන් සිටි බවයි. ‘අපි සභාව ආරම්භයේදීම කරන්න ඕන මළ ගිය අය සිහි කරන එකයි. ඉන්න අය වෙනුවෙන් සතුට පළ කරන එක නෙමෙයි‘ යනුවෙන් ජයතිලක මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් කියා සිටියේ

‘‘ජයතිලක මන්ත්‍රී වරයාගේ කතාවට මාත් එකගයි පීඩාවට පත් ජනතාවට දේශීයව හා විදේශීයව අධාර පැමිණෙනවා නමුත් අපි උතුරු පළාත් සභාවේ මොකුත් කරලා නැහැ. ඒ නිසා ඒ මන්ත්‍රී වරයාගේ ප්‍රකාශය නිවැරදියි‘‘යනුවෙනි.



අදහස් (0)

විග්නේෂ්වරන් ජයලලිතාගේ ජය සමරන්න හදයි

නුවන් Friday, 27 May 2016 08:29 AM

මේ මිනිසුන්ට තියෙන්නේ ඉන්දියානු මානසිකත්වය. නමුත් ඇහුවොත් ඉපදුනේ ලංකාවේ නිසා ඒ ගොල්ලන්ට කෑල්ලක් ඕනෑලු! (නි)

:       0       0

පරාක්‍රම Friday, 27 May 2016 08:51 AM

උගත්කම තිබුනත් දේශපාලන බලය ලැබුනාම සමහරු උමතුවෙන් දඟලනවා. උතුරේ, නැගෙනහිර ලොක්කන් පිස්සු නටනකොට දකුණේ කාගේත් ලේ කෝප වෙනවා. මඩු වලිගෙන් එහෙම වැඩක් ගන්න ඉඩක් තියෙනවාද බැලුවොත්? මේ වගේ අවස්ථාවලදී තමයි යහපාලනයටත් ජනතාව දෙහි කපන්නේ. (නි)

:       0       0

ලියනගේ Friday, 27 May 2016 09:46 AM

මේ විග්නේෂ්වරන්ලාගේ ක්‍රියාකලාපයෙන් හොඳටම පේනවා එයාලා හදන්නේ දකුණු ඉන්දීය බලපෑම් සහ එහි යටි අරමුණු වන ඊළම අායෙත් පිහිටුවන්න කියා. මෙයාල එකතුවෙලා උතුරු පළාත් සභාවට අමුතුම යෝජනා ටිකක් ගෙනල්ලා. එ්කේ හැටියට ලංකාව දෙකඩ වෙලා පාලනය කරන්න යන්නේ. ඉතින් මේක නෙමෙයිද කොටි කරන්න හැදුවේ? (නි)

:       0       0

චන්දා Friday, 27 May 2016 09:54 AM

ලංකාව පොඩි රටක්. ඇයි මෙච්චර පාලන ක්‍රම රාශියක්? ලොවට පරකාසේ ගෙදරට මාරගතේ... (නි)

:       0       0

සාගර Friday, 27 May 2016 10:03 AM

මේ යන විදිහට තව ටික දවසකින් අපේ පාර්ලිමේන්තුව ඇතුළෙත් ඔය වගේ යෝජනා අහන්න ලැබේවි (නි)

:       0       0

ගාමිණී Friday, 27 May 2016 11:38 AM

මේ රටේ ආණ්ඩුවක් තිබෙනවද කියලා හිතෙනවා මේවා ඇහෙනකොට (නි)

:       0       0

සඳුන් Friday, 27 May 2016 12:16 PM

මෙයාලට මුල මතක නැහැ. (නි)

:       0       0

බමුණු Friday, 27 May 2016 02:10 PM

අපිට ගහන්නේ අපේම එවුන්ය (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 29 May 2016 04:53 AM

මට නම් මේ අය ශ්‍රී ලාංකිකයෝදෝ කියලා සැකයි. මෙහෙම ගියොත් කවදාවත් ජාතින් අතර සමගිය වර්ධනය වෙනවා බොරුයි. (නි)

:       0       0

දිසානායක Friday, 27 May 2016 05:50 AM

නැගෙනහිර පැත්තේ කෙනෙක් සහසුද්දෙන්ම කෙළවගත්ත. ඊළග එකාටත් ඉස්පාසුවක් නැතිව දගලනවා (බ)

:       0       0

සිරිල් Friday, 27 May 2016 07:45 AM

ඔය ජය සමරගෙන එහාටම වෙලා හිටියානම් උතුරටත් සැනසීමක් වේවි !!!! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 789 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site