තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් යළි එම පදවියට පත්වීමේ ජය සැමරීම සම්බන්ධයෙන් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් උතුරු සභාවට ගෙන ආ යෝජනාව හේතුවෙන් මන්‍ත්‍රීවරුන් අතර උණුසුම් තත්වයක් ඇති විය.
‘ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහ ඇමතිනිය විදිහට හයවන වරටත් දිවුරුම් දුන්නා ඒක අපිට විශාල සතුටක් ඇයට අපේ සුභපැතුම් එක් කරනවා. තමිල්නාඩුවට හා දෙමළ ජනතාවට ඇය කළ සේවය තමයි මේ ජයග්‍රහණයට හේතුව වුනේ ඇගේ ජයග්‍රහණය පිළිබඳව මෙරට දෙමළ ජනතාවත් සතුටට පත් වනවා‘ යැයි විග්නේෂ්වරන් කීවේය.
එම ප්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා විරුද්ධ විය.
‘‘අද මේ සභාවට අමතක වෙලාද පසුගියදා මේ රටට බලපාපු ව්‍යසනයෙන් සිය ගාණක් මැරිලා සිය ගාණක් අතුරුදන් වෙලා ලක්ෂ ගාණක් ජනතාව අනාථ වෙලා ඉන්නව කියලා. එහෙම තියෙද්දි මේ අල්ලපු ගෙදර ඉන්න ජයලලිතගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු කඳුලු හළන මේ සභාවත් ශ්‍රී ලාකිකයින් හැටියටත් දුක් වෙන්න ඕන අවස්ථාවක්. විශේෂයෙන්ම උතුරෙත් කිලිනොච්චියේත් විශාල ජනතාවකට මේක බලපෑවා. ඒකට අපි සභා වාරය ආරම්භයේදීම කරන්න ඕන ජයලලිතගේ ජයග්‍රහනය සමරන එක නෙමෙයි. ඒ ව්‍යසනය වෙනුවේ අපි සියලුදෙනා එක්ව උතුරු පළාත් සභාවෙන්ම කනගාටුව ශෝකය ප්‍රකාශ කිරීමයි‘‘ යනුවෙන් ඔහු කීවේය.
පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් කියා සිටියේ ශෝකය ප්‍රකාශ හා කනගාටුව ප්‍රකාශ කිරීමට තමන් බලා පොරොත්තුවෙන් සිටි බවයි. ‘අපි සභාව ආරම්භයේදීම කරන්න ඕන මළ ගිය අය සිහි කරන එකයි. ඉන්න අය වෙනුවෙන් සතුට පළ කරන එක නෙමෙයි‘ යනුවෙන් ජයතිලක මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් කියා සිටියේ
‘‘ජයතිලක මන්ත්‍රී වරයාගේ කතාවට මාත් එකගයි පීඩාවට පත් ජනතාවට දේශීයව හා විදේශීයව අධාර පැමිණෙනවා නමුත් අපි උතුරු පළාත් සභාවේ මොකුත් කරලා නැහැ. ඒ නිසා ඒ මන්ත්‍රී වරයාගේ ප්‍රකාශය නිවැරදියි‘‘යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට තියෙන්නේ ඉන්දියානු මානසිකත්වය. නමුත් ඇහුවොත් ඉපදුනේ ලංකාවේ නිසා ඒ ගොල්ලන්ට කෑල්ලක් ඕනෑලු! (නි)
උගත්කම තිබුනත් දේශපාලන බලය ලැබුනාම සමහරු උමතුවෙන් දඟලනවා. උතුරේ, නැගෙනහිර ලොක්කන් පිස්සු නටනකොට දකුණේ කාගේත් ලේ කෝප වෙනවා. මඩු වලිගෙන් එහෙම වැඩක් ගන්න ඉඩක් තියෙනවාද බැලුවොත්? මේ වගේ අවස්ථාවලදී තමයි යහපාලනයටත් ජනතාව දෙහි කපන්නේ. (නි)
මේ විග්නේෂ්වරන්ලාගේ ක්‍රියාකලාපයෙන් හොඳටම පේනවා එයාලා හදන්නේ දකුණු ඉන්දීය බලපෑම් සහ එහි යටි අරමුණු වන ඊළම අායෙත් පිහිටුවන්න කියා. මෙයාල එකතුවෙලා උතුරු පළාත් සභාවට අමුතුම යෝජනා ටිකක් ගෙනල්ලා. එ්කේ හැටියට ලංකාව දෙකඩ වෙලා පාලනය කරන්න යන්නේ. ඉතින් මේක නෙමෙයිද කොටි කරන්න හැදුවේ? (නි)
ලංකාව පොඩි රටක්. ඇයි මෙච්චර පාලන ක්‍රම රාශියක්? ලොවට පරකාසේ ගෙදරට මාරගතේ... (නි)
මේ යන විදිහට තව ටික දවසකින් අපේ පාර්ලිමේන්තුව ඇතුළෙත් ඔය වගේ යෝජනා අහන්න ලැබේවි (නි)
මේ රටේ ආණ්ඩුවක් තිබෙනවද කියලා හිතෙනවා මේවා ඇහෙනකොට (නි)
මෙයාලට මුල මතක නැහැ. (නි)
අපිට ගහන්නේ අපේම එවුන්ය (බ)
මට නම් මේ අය ශ්‍රී ලාංකිකයෝදෝ කියලා සැකයි. මෙහෙම ගියොත් කවදාවත් ජාතින් අතර සමගිය වර්ධනය වෙනවා බොරුයි. (නි)
නැගෙනහිර පැත්තේ කෙනෙක් සහසුද්දෙන්ම කෙළවගත්ත. ඊළග එකාටත් ඉස්පාසුවක් නැතිව දගලනවා (බ)
ඔය ජය සමරගෙන එහාටම වෙලා හිටියානම් උතුරටත් සැනසීමක් වේවි !!!! (ම)