(රොමේෂ් මධුෂංඛ)
ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩල සභිකවරයකු හා ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපතිවරයා උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන් මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඇමරිකා කොන්ග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතාත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතාත් සමග මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදීය.
“මේ වෙන කොට උතුරු නැගෙනහිර ජනතාවට බලපා ඇති ගැටළු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එහිදී මූලික වශයෙන් ඉඩම් ගැටළු, නැවත පදිංචි වීමේදී ඇති වී තිබෙන ගැටළු වගේම යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ගැටළු සම්බන්ධයෙන් හා ජිනීවා සාකච්ඡා පිළිබඳවත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.“
“මේ සියලු ගැටළු වලට ෆෙඩරල් පාලනයකින් විසඳුම් සෙවිය හැකි බවට මම දැනුම් දුන්නා. මේ වෙන කොට උතුරේ ජනතාවට පවතින ගැටළු වලින් ඉඩම් ගැටළු ,රැකියා ගැටළු වගේම අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් දියත් කර ඇති සත්‍යග්‍රහයන් ගැන මා ඔවුන් දැනුවත් කරා. එහිදී මේ ගැටළු වලට විසඳුම් ලබා දීමටරජය සමග සාකච්ඡා කිරීමට ඇමරිකාවෙන් සහය ඉල්ලා සිටියා. එහිදී ඔවුන් මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව සමග සාකාච්ඡා කරන්න යම් කාලයක් අවශ්‍ය බවට දැනුම් දුන්නා“ යැයි උතුරු මහ ඇමැතිවරයා පැවසීය.
COMMENTS
අපේ අගමැතිතුමා, ජනාධිපතිතුමා ගීතා මහත්මියව ගෙදර යවන්න හදනවා. හිටපු ජනාධිපතිතුමා විමල් මහත්තයයි ආණ්ඩුවයි යවන්න හදනවා, ජවිපෙ උත්තර නැතිව ඉන්නවා. ඒ අතරේ දෙමළ අය රට දෙකඩ කරන්නත් හදනවා...
එතකොට උතුරු නැගෙනහිර ජිවත් වුන සිංහලය වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ ..කතා කරන්නේ..? මම දන්නා විදියට මුස්ලිම් දෙමල ජනතාවට ඉඩම් ගෙවල් ලැබුණා .එත් සිංහලය තාමත් කුඩාරම් වල. කිසිදු සිංහල දේශපාලකයෙක් සිංහලයා වෙනුවෙන්වත් බුද්ධාගම වෙනුවෙන්වත් කතා කරන්නේ නැහැ... එත් දමිල මුස්ලිම් දේශපාලකයන් පෙනී සිටින්නේ ඔවුන්ගේ ජාතිය ආගමේ වෙනුවෙන්...
මේ යන විදිහට ඕකත් හම්බවෙයි ඒගොල්ලන්ට.
වාසුදේව මහත්තයාගේ මස්සිනා වන ඔබගේ ඒ පැතුම ඒ අයුරින්ම ඉටුවේවා!!! මුළු රටටම අවශ්‍ය වන්නේ ඔබතුමා වැනි උතුම් නායකයින්....
ෆෙඩරල් පාලනයක් කරන්න නෙවේ... සමගියෙන් සහයෝගයෙන් පාඩුවේ ජීවත් වෙන්න....
දැන් ඉතින් ආයෙත් රටේ විනාශයකට මුල පිරීමක් තමයි.
මෙම හැසිරීම ට්‍රීසන් (රාජ ද්‍රෝහී) කියන වරදට හසුවෙන්නේ නැද්ද?
ඔබතුමා නිවැරදියි. එදා ප්‍රභාකරන් උතුර විනාශ නොකලා නම් අද දකුණේ සිංහලයෝ රැකියා සහ අධ්‍යාපනය සඳහා උතුරට යනවා. එ්ක තමයි තිත්ත ඇත්ත. මේ රටේ සිංහල නායකයින් මැරුණාම අරගෙන යන්න බලාගෙන ජනතාවගේ ධනය සූරා කනවා මිස රටට සේවයක් කරන්නේ නැහැ. ඒ අතින් ද්‍රවිඩ නායකයෝ ඔවුන්ගේ ජනතාවට හා මේ භූමියට ආදරෙයි.
විග්නේෂ්වරන්තුමා තමන්ගේ ජාතිය නිසා තමන්ගේ උත්සාහය කොහොමත් අත්හරින කෙනෙක් නොවේ. දමිළ ජාතිය නගා සිටවන්නට පහළ වුණ නායකයෙක්.... ඒ වගේ ම අප නායකයන් තමන්ගේ පරම්පරාවේ අය වෙනුවෙන් විශාල වැඩක් කරමින් සිංහල රට ආගාධයකට ගෙනැවිත් තිබේනවා.....
මෙයාල යුද්ධය තියෙන කාලේ මොකද කළේ? දැන් යුද්ධය නැති නිසා එහෙ බඩ පිනුම් ගහනවා වගේ...
ඔබතුමන්ලා උතුරු නැගෙනහිර ජනතාවට අයිති ඉඩම් ගැටළු විසඳන්න බලය ඉල්ලනකොට සිංහල නායකයෝ තමන්ට තිබෙන ඉඩම් ගැටළු විසඳගන්න බලය ඉල්ලනවා. අනික ලංකාවේ සමහර පැතිවල ඉඩම් හා මාලිගාවල් තියෙනවා .ඒවාට අයිතිකාරයොත් නැහැ. රජයට අයිතිත් නැහැ. ඒවා ගැන කතා කරන්න කවුරුවත් නැහැ.
මම නම් ෆෙඩරල් ක්‍රමයක් ඇතිවනවාට කැමතියි, ඔවුන් ඔවුන්ගේ ක්‍රමයට ඔවුන්ගේ නායකයන් මගින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගනීවි. මන්ද සිංහලයන් ට දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අඩුගානේ දෙමළ කතා කරන්න පුළුවන් සිංහලයන් උතුරේ රාජ්‍ය සේවයේ පවා කී දෙනාද සිටින්නේ? අසල්වැසි ඉන්දියාව බලන්න, භාෂා විශාල ගණනක් ඇති ජාතීන් ගණනාවක් එකමුතුව ජීවත් වනවා, ඉතින් අපිත් ෆෙඩරල් ක්‍රමයක් ඇති කරගත්තොත් සුහදත්වය තබාගනිමින් සිංහල දෙමළ මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් වේවි. ෆෙඩරල් ක්‍රමයක් නිසා බෙදුම් වාදයක් ඇතිවනවා නම් මෙලහකටත් ඉන්දියාව රටවල් ගණනාවකට වෙන් වී තිබෙනවා.
ඉපදුන රටට ද්‍රෝහිකම් කරන මේ මිනිහ ප්‍රබකාරම් වගේම අඩුකුලේ වගෙය් පේන්නේ.,