(සුජිත් හේවාජුලිගේ)
ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා හෙට (17) අත්සන් තැබීමට නියමිතය.
නීති කෙටුම්පත් දේපාර්තමේන්තුවේ විශේෂ පරික්ෂාවකින් පසුව ජාතික විගණන පනත මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට අද (16) යැවු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
සංශොධන ඇතුළත් කිරීමෙන් පසුව පණතේ හරි වැරදි බැලීම සඳහා පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට මීට ඉහතදී යොමු කෙරිණි.
ජාතික විගණන පනත් කෙටුම්පත ඉකුත් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.
ජාතික විගණන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමටත් විගණන කාර්යාලයක් පිහිටුවීමටත් ජාතික විගණන පනත් කෙටුම්පතෙන් විධිවිධාන සැලසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd