ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාලව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.
බැඳුම්කර නිකුතුවට අදාළව මේ වන විට පාර්ලිමේන්තුව තුළ විවාදයක් පවත්වා ඇත්තේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් පමණි. ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ කෝප් කමිටු වාර්තාව විවාද කර අවසන්ව ඇති බැවින් ඊට අදාළව විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන්ද විවාදයක් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
කෝප් කමිටු විවාදයේදී සේම විගණකාධිපති වාර්තාව පිළිබඳ විවාදයේදීද එහි හොඳ මෙන්ම නරකද පැවසෙනු ඇතැයි මුදල් ඇමති රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඉරිදා ලංකාදීප අනුග්‍රහයෙනි
(011)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැකුව කොල්ල කාපු මිතුරු සමාගම බේරගන්න අගමැති, මුදල් ඇමති ඇතුළු ගවපලන ආණ්ඩුව පුදුම මහන්සියක් අප්පා ගන්නේ! නැතුව කොහොමද ඉතින් නේද, ඒ ලාබෙ එයාලට විතරක් යන දෙයක් නෙවෙයිනෙ, තව සැහෙන්න උදවියට බෙදිලා යනවනේ! (අ)
එතකොට කරුංකා කේස් එකත් විවාදයට ගන්න වේවිද ? (අ)
අපි බලමුකෝ! හැමදාම හංගන්න බැහැනේ (නි)
ඔන්න එකාබද්ධ විපක්ෂයට වැඩ පෙන්වන්න අවස්ථාවක්. නියම විදිහට තර්ක කර වැරැද්ද පෙන්වන්න. වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කරගන්න මඟ සළස්වන්න (නි)