(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු )
අමාත්‍යධූරවල වගකීම නැවත භාරගන්නා ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්රමුඛ කාරක සංඝ සභා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් උන්වහන්සේලා බැහැ දැක සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මුස්ලිම් ජනතාව මුහුණ දී ඇති තත්ත්වය අවබෝධ කරගෙන එවන් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේලාට ස්තුතිවන්ත වන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
තමන් මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු මහ නා හිමිවරුන් හමුවී පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන බව කී හකීම් මහතා තම තීරණය හේතුවෙන් රටේ සංහිඳියාවට අගතියක් නොවේවායි ප්‍රාර්ථනා කරන බවද කීවේය.
තම කණ්ඩායමක් ඇමති ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි අද (6) දිනයේදී ජනාධිපතිවරයාට යොමු කරන බවද හෙතෙම කීවේය.
සියලු දෙනා අත්සන් කළ ඉල්ලා අස්වීමේ ලිපියක් ඉකුත් සදුදා අගමැතිවරයාට භාරදුන් බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට ලිපි යොමුකිරීම පමා වූයේ රාමසාන් උත්සවය හේතුවෙන් යැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හාමුදුරුවරු කියන දේවල් නේ මෙච්චර කාලයක් කරේ , යන්න ගිහින් බැහැදැකල පිරිත් නුලක් එහෙම බැඳගෙන ඇවිත් පරණ පුරුදු විදියට වැඩ පටන්ගන්න
අඬන්න ඉන්න කෙනාගේ ඇස් දෙකටම ඇඟිලි දහයෙන්ම අන්නා වත්ද ?
මේ මෙගා නාට්‍යක කොටසක්ද? සමහරු උපවාස කරනවා තුන්දෙනෙකුට අස්වෙන්න කියලා. තුන්දෙනා වෙනුවට අදාළ ජන කොට්ටාශයේ සියලු දෙනාම ඉල්ලා අස්වෙනවා. සමහරු උපවාසය බලන්න යනවා. ඒ අතරේ මහානායක ස්වාමින් වහන්සේලා කියනවා නැවත තනතුරු භාරගන්න කියල. ඇමතිලා ආණ්ඩුකාරවරු වැරදි කරලම නැද්ද?
මේක හොඳ අදහසක්. උන්වහන්සේලා බැහැ දැක සාකච්ඡා කරලා ඉදිරි පියවර ගන්නේක.
මහ නා හිමිවරුන් නියෝජනය කරන්නේ මේ රටේ මොන ජනකොටසද. එක හාමුදුරු කෙනෙක් ජාතිය නියෝජනය කරමින් උපවාස කර එකක් කියනවා තව කෙනෙක් එයාගෙ ජනප්‍රියත්වය නැතිවෙයි කියල දවස් තුනකදී කථා තුනක් කරනවා. ඔබ වහන්සේලා අතර පුදුම බෙදිල්ලක් තියෙන්නේ ඒකත් මේ රටේ අගතියට ලොකු හේතුවක්.
'සුළු ජාතියේ එකමුතුව සහ මහ ජාතියේ පුළුල් දැක්ම' කියල ලෝකෙට ම දැන් මාර සතුටුයි. තිබුණු විදිය තමයි හොඳම විදිය කියල සුළු ජාතිය තමයි දැන් හොඳටම දන්නේ. මහ ජාතියට මොනවද දන්නේ නෑ මේ සිදුවීම් වලින් තේරුම් ගන්න හැකි වෙලා තියෙන්නේ?
ත්‍රෛනිකායික මහ නා හිමිවරුටත් වැඩි පණ්ඩිතයෝ ටිකක් ලංකාවේ ඉන්නේ. පිළිපදින එක පෙත්තක තියා හිමිවරුන්ගේ වචනේටවත් ගරු කරන්ඩ එපැයි.
හොඳ අදහසක්
මට හිතෙන්නේ දැන් කවුරු කවුරුත් අඳුරේ අතපත ගානවා වගෙයි.
අනේ බොරුවට කරදර වෙන්න එපා, ගෙදරට වෙලා ඉන්න
මුස්ලිම් වුණා කියලා හැමෝම අස්වෙන්න ඕනා නැහැනේ. ඔබලා මුස්ලිම් වුන නිසා චෝදනා ගෙනාවෙ නැහැනේ. ඔය කරපු දෙයින් වක්‍රාකාරව කියවෙන්නෙ අපි චෝදනා ලබපු අයගේ පැත්තේ කියන එක නෙවෙයිද. මෙතන ජාති බේදයක් නෑ. වැරදි කරුවන් ඉන්නවනම් එයාලට නීතිය ඉටු කරන්න සහයෝගය දෙන්න.
ඔබතුමා විතරක් නමේ කබීර් හෂීම්, ෆවුසි වගේ පැරණි අයත් ඉල්ලා අස්වුනේ චෝදනා තිබෙන 3 දෙනා බේරා ගැනිමටනේ. එහෙම කරලා පෙන්නන්න යන්නේ ලෝකෙට මුස්ලිම් ජනතාවට කරදර කියන දෙයනේ. වැරදි ආදර්ශයක් දුන්නේ ඔබ සැම දෙනා තරුණ මුස්ලිම් ජනතාවට සහ අන්තවාදී සුළු තරයට. එකට සිටගැනීම හොද දෙයක් නමුත් චෝදනා ඇති අය වෙනුවෙන් සියල්ලන් අස්වීම වෙන දෙයක්.
ඔය ගියපු විදිහටම ඉදලා බලන්න.
දේශපාලකයන් ඡන්ද කුට්ටිය පෙන්නලා අල්ලේ නැටවුවට... රටේ 85% වැඩි පාරිභෝගික අපිව අල්ලේ නටවන්න අපහසු වේවි , අපි අපේ තීන්දුව අරගෙන තිබෙන්නේ , ඔබල මේ විධිට හැසිරෙන කොට අපි ඉදිරියටත් අපේ තීන්දුව දැඩිව නොකඩවා ඉදිරියටත් , ක්‍රියාත්මක කරනවා..... අද ඉන්න අය 1983 සිටියට වැඩිය ආකල්පමය වශයෙන් ඉදිරියෙන් සිටින බව තේරුම් ගන්න , හොඳම දෙය ඔබලා අපේ රටේ දේශපාලනයට ඇඟිලි ගහන්නේ නැතුව ව්‍යාපාරයක් කරගෙන පාඩුවේ ඉන්න
අනේ මන්දා... මේ ගොල්ලො ළඟදීම පිරිත් කියන්නත් පටන්ගනීවිද කියලා... !!!
නැගෙනහිර පුරාණ දාගැබ එහෙම ඩෝසර් කරනකොට මේ ගොල්ල මහනායක හිමියන්ගෙන් අවසර ගන්න ගියාද දන්නේ නැහැ... මේ ගොල්ලන් හතරපෝයට සිල් ගන්නත් පටන්ගත්තොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. දැන් මිනිස්සු බඩුගන්න කඩවලට, එන්නේ නැති නිසා බිස්නස් එහෙම අඩපණ වෙලා තිබෙනකොට මොනවා මොනවා හරි කරන්න ඕනනේ...