රඹෑව කල්ලංචිය උරුලෑගම ගොවිපළක වගා ළිඳකට වැටි සිටි ඇතින්නියක හා පැටවකු අද(27)අනුරාධපුර වනජිවි කාර්යාලයේ නිලධාරිහු ගොඩට ගත්හ.
අඩි විසිපහක් පමණ ගැඹුරින් යුත් වගා ළිඳට ඇතින්න හා පැටවා දින දෙකකට පමණ පෙර වැටි ඇතැයි කියති.
හේනට යමින් සිටි පුද්ගලයකු අලි දෙදෙනා දැක වනජිවි නිලධාරින්ට දැනුම් දිමෙන් පසු අද දහවල් බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් ළිඳ කපා ඇතින්න හා පැටවා ගොඩට ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වළෙන් අලින්ට ගොඩඒමට නොහැක්කේ එහි ඇති සිරස් ඉවුර නිසා. මේ අයුරින්ම සිරස් බැමි සාදා අලින්ගේ වාසභූමි වෙන්කර දිය හැකියි නේද. මේ සඳහා ඒ ප්‍රදේශවල ඇති මාර්ග, ගංගා ආදියේ ඉවුරු යොදා ගත හැකියි. මහාමාර්ග, වාරිමාර්ග, සංචාරක, වන සංරක්ෂණ ආදී අමාත්‍යංශ ඒකාබද්ධව මේ පිළිබඳව ව්‍යාපෘතියක් සකස් කළහැකියි. (නි)
මේවා වගා ළිංද? අලින් හා වනසතුන්ගේ මර උගුල්ද? ළිඳට වැටුණු මිනිසකුටවත් ගැළවීමක් නැති හැඩයි. අර පොළොන්නරුවේ ඉසෙඩ් ඩී ඇළ වගේ. මේවා හැදෙන්නේ බිම් ඉඩ නැති පෙදෙස් වල නොවෙයිනේ. ඇයි ඔය ළිං හදනවිට වනජීවියෙන් උපදෙස් ලබා ඔය වගා ළිං වල එක පැත්තකින් වැටුණු සතාට ගැළවී යන ලෙස හදන්නට බැරි? (නි)
මේ වළට ඉස්සරවෙලා වැටෙන්න ඇත්තේ පැටියා.(බ)
ජයනාත්ගේ අදහස අගයමි. වගා ළිං සඳහා ප්‍රමිතියක් සහ නීතියක් පැනවීම ඉතාමත් උචිතයි. (නි)
මේවා වගා ළිංද? මේවා මර උගුල්නේ. දැක්කහමත් බය හිතෙනවා. කිසිම ආරක්ෂාවක් නැහැනේ. කිව්වත් වගේ මේවගේ අගල් කපන්න කොහෙන්ද දන්නේ නැහැ අනුමැතිය අරගන්නේ. (නි)