( කාංචන කුමාර ආරියදාස )
ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පැවති වගා බදු අරමුදලේ රුපියල් කෝටි 600ට සිදුවුයේ කුමක්දැයි වහාම රජය ජනතාවට දැනුම් දිය යුතු බව සමස්තලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
මේ අරමුදලේ තිබුණු මුදල් කෝටි 150ක් හැර ඉතිරි මුදල් අතුරුදන් වී තිබෙන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඒ මහතා කියයි.
2013දී ආරම්භ කළ එම අරමුදලට වසරකට රුපියල් බිලියන 1.6ක් එකතු වී ඇතැයි ද ඒ මහතා පවසයි. “වගා හානි සදහා ගොවීන්ට මසකට ගෙවන රු 10000ක වන්දියෙන් රු 1350ක මුදලක් රක්ෂණයකට බව කියමින් කපා ගන්නවා.එම මුදල කපා ගැනීම වහාම නවතා ගොවින් වෙනුවෙන් 2013 වසරේ රජය අයවැය මගින් ක්‍රියාත්මක කළ වගා බදු අරමුදලින් ගොවීන්ට ගෙවිය යුතුයි.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
දඹුල්ලේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන මුදල වාහන ගන්න වියදම් වෙන්න ඇති. මොකද ඡන්ද 5000ක් ගත්ත එකාටත් කෝටි ගණනක වාහනයක් ඉල්ලනවනේ. ඉතින් කොහොමද රටේ මුදල් ඉතිරිවෙන්නේ?