ජාත්‍යන්තරව පිළිගත් වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේය.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තවත් සති කිහිපයකින් සිදු කිරීමට නියමිත බවද ඔහු ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න වටිනා වැඩක්.අපේ රටේ කර්මාන්ත තියෙනවා නම් රස්සාවලට රට යන්න ඕනේ නැහැනේ.(හේ)
මේකේ කොමෙන්ට් දාන අයගේ නම් දැනුම අනේ මන්දා. ලංකාවේ ෆැක්ටරි දැම්මට ලංකාවේ මාර්කට් එකට විකුණන සංඛ්‍යාව බොහොම අඩු ප්‍රමාණයක්. ආසියානු වෙළද පොළ බලාගෙන තමයි මේ ආයෝජනය කරන්නේ. ජර්මන් වාහන හරිම හොදයි නිතරම කෑලි දාන්න හෙම වෙන්නේ නැහැ (නදී)
මේ මැතිවරණයේදී එජාපය පැරදුනොත් මේ ව්‍යාපෘතිය ලංකාවට එන්නේ නැහැ. ඉතා වටිනා ආයෝජනයක්. අපි බලාගෙන ඉමු. (නදී)
ඔය පුවත දැනට වසර 3 ක් තිස්සේ කියන්නාක්. තම වෙලා නම් නැත.(අ)
වොක්ස්වැගන් ඉන්දියාවේ හදනවා. (ර)
සිරිමාවෝ මැතිනිය ගේනවා කර්මාන්තශාලා බොහොමයක් වැහුවේ චන්ද්‍රිකාගේ කාලේ. පුගොඩ පෙහෙකම්හල, වේයන්ගොඩ පෙහෙකම් හල, වහල ඒවායේ සේවකයන් ඉවත් කළා. පස්සේ යන්ත්‍ර සුත්‍ර සියල්ල කඩලා යකඩ වලට වික්කේ කවුද? ගත්තේ කවුද කියල ඒවායේ ඉඳල ගෙදර යවපු සේවකයන් තවමත් කියනවා. (අ)
පළමුවෙන්ම මිළ කීයද? කියලා හොයන්න. අවම මිළ මිලියන 10 න් ඒහා. (ර)
කොයිකාලේ ඉදලද ඔය කතාව... (ර)
වොක්ස්වාගන් ලංකාවේ හදන්න යන්නේ ලංකාවේ විකුනන්න බලාගෙන වෙන්න බෑ එකෙන් අපිට ලැබෙන වාසිය පුහුණු ශ්‍රමිකයන්ට රැකියා ලැබෙනවා....(අ)
හොඳ වැඩක්. ජයවේවා !. (අ)
හොද බඩු කියක් වුනත් මොකද.? (ර)
හොඳ බඩු වලට හොඳ මිලක් ගෙව්වාට පාරිභෝගිකයාට අවාසියක් නැහැ. වොක්ස්වැගන් වාහන වසර ගණනාවක් තිස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ලෙඩ දෙන්නේ නැහැ. මග හිටින්නේ නැහැ. (ර)
පෙරේරා ඔයා දන්න දෙයක් කියන්න. ඒ කාලේ තිබ්බේ හාල් පොල්ල, සිනි පොල්ල, අපිට තාමත් මතකයි (නදී)
මේක එන්නේ ලංකාවේ විකුනන්න නෙමේ නේද?(අ)
රුවන්. ඔයා නොගත්තට ගන්න මිනිස්සු ඉන්නවා. මේ කාර් එච්චර ගණන් නැහැ. මීට අවුරුදු දෙකකට විතර උඩදී මේ ආයතනයේ ප්‍රධාන කළමනාකාරී වරයට තමයි ලෝකේ දුන්නු ලොකුම ප්‍රසාද දීමනාව ලැබුනේ. ඒ එය මේ කාර් ලෝකේ පුරාම ඉක්මනින් ප්‍රචලිත කළාට. (අ)
කීයක් කොමිස් ලැබෙනවද ? (නදී)
ගොල්ෆ් 7 කාර් එක ඉතාලියේ යූරෝ17,000.00යි (රුපියල් ලක්ෂ 26)
රට පුරා අපතේ යන පලතුරු ,,එළවලු ,රටවටේ ඇති මුහුදු සම්පත් ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදන අංශය දියුණු කර රට දියුණු කිරීම් .ඒ වගේම අපේ රටේ මානව සම්පත් තියෙනවා.අපිටත් පුළුවන් නේද කාර් එකක් හදන්න.ඉතින් ඔය රටවලින් නිමි භාණ්ඩ ගන්නේ නැතිව තාක්ෂණය ගන්න බැරිද? කොමිස් පස්සේ ගන්න බැරිය.
අනේ මටත් ඒ වගේ කාර් එකක් ඇත්නම්... (නි)
ජපන් කර්මාන්ත ශාලා දෙක තුනක් අරගන්න පුලුවන්ම් ගොඩක් හොඳයි. රටේ ජනතාව මෙයිට වඩා ප්‍රායෝගිකව හිතුවොත් රටේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. ලංකාවේ ගොඩක් දෙනාගේ ලෝකේ ගැන තියෙන අවබෝදය හරිම අඩුයි (නදී)
අපෝ මේ වගේ කීයක් එනවා කිව්වද මේ මාස 6 ට? කෝ එකක්වත් අාවද තාමත්? (නදී)
සම්පත් වන්නිආරච්චි, වොක්ස්වැගන් වාහන මම දන්නා රටවල එතරම් මිලක් වෙන්නේ නැහැ. මිලියන 3 කට විතර එස්.යූ.වී. එකක් ගන්න පුළුවන්. ලංකාවේ මිල වැඩිවෙන්නේ ටැක්ස් නිසා. (නි)
වොක්ස්වැගන් පරණ එක බ්‍රසීලයේ හදනවා.මේ රථ වර්ගය ලාබයි.ලෝකයේ මිල අධික කාර් හදන රටක් ඉතාලිය.ලෝකයේ වැඩිපුරම අළෙවිවන වාහනය ටොයෝටා (නි)
හිට්ලර්ගේ කාලේ වොක්ස්වැගන් එකේ සැළසුම්කරුවා ඒකේ මොඩලය සකස්කළ එකත් ඉතාම ප්‍රසිද්ධ කතාවක්. (නි)
ඒකේ තේරුම 'ජනතාවගේ වාහනය' කියන එකයි. (නි)
හර්ෂ සර්ට මම දන්නා හැටියට වොක්ස්වැගෙන් පසට් කාර් එකක් තිබුන කලින්. ඒ හින්ද දන්නවා ඇතිනේ ඒ ගැන. (නදී)
අපිට ගන්න බැරි වුනත් කමක් නැහැ කට්ටියට රස්සාවල් හම්බ වෙනවා නම් (නදී)
අපේ අයගේ මානසිකත්වය මොනවගේද කියලා සමහර අදහස් වලින් හොඳට තේරෙනවා.සාක්ෂරතාවය 95% වඩා තිබෙන අපේ රටේ තිබෙන එකම කර්මාන්තශාලා වර්ගය 'ගාර්මන්ට්'. මේ රටට කාර්මික නිෂ්පාදන ඕනෑ. මේවා මෙහෙ දාන්නේ අපේ වෙළඳපොළ බලාගෙන නෙමෙයි කියලයි මම නම් හිතන්නේ. (නි)
යකඩ උණු කරන්න න්‍යෂ්ටික විදුලිය තියෙනවද? ජල විදුලිය මදි. (නදී)
මේ මැතිවරණයේදී එජාපය පැරදුනොත් මේ ව්‍යාපෘතිය ලංකාවට එන්නේ නැහැ? මෙය ඉතා මෝඩ අදහසක් මෙහි මුලික යෝජනාව ආ යෝජනා මණ්ඩලයෙන් දේශපාලන බලපෑමක් නැහැ චීනයේ සියලුම ආයෝජන නැවතී සියලු ඉදිකිරීම් නැවතී බැංකු පවා දුබල උනේ ඔය කියන අස්ථාවර ආණ්ඩුව නිසා. මැදවච්චි නොගොස් කිලිනොච්චි යන්න වෙනවා (නදී)
එජාප මේ ආයෝජනය ගෙනා බව කියනවා දින සියයකින්. නමුත් සීට් නැතිව හදන්න තමා යෝජනා කරලා තිබ්බේ. ඉඳගෙන යන්න බැරි වෙනවා. (නදී)
මෙන්න ලංකා ආර්ථිකයට සල්ලි මවන ක්‍රම. අපි මුල ඉඳන් පෙන්වා දුන්නේ මෙවන් නිෂ්පාදන ධාරිතාවන් රටේ ආරම්භ කරන්න කියා. ලෝක වෙළෙඳ පොලට අපි ඇතුල් විය යුතුයි. අපේ රටේ ප්‍රධාන නිෂ්පාදන වන තේ ,පොල් ,රබර් නව නිපෙයුම් වශයෙන් දියුණු කර ලෝක වෙළෙඳපොළට ඇතුළු කල යුතුයි. හර්ෂ ඔබට ස්තුතියි. (නදී)
මේ වාහනයේ නම ඉංග්‍රීසියෙන් ලියනකොට වී අකුරින් පටන්ගත්තාට ඒක ඩොයිෂ් (ජර්මානු ) භාෂාවෙන් කියවෙන්නේ 'ෆොක්ස්වාගන්' කියලයි. (නි)
මම ජර්මනියේ වොල්ස්ගාර්ඩ් වල තිබෙන වොල්ස්වැගන් කොම්පැනියට ගිහින් තියෙනවා කියන්නේ ඉතා සතුටින්. (නි)
හරස් වීමට වඩා සතුටු වෙමු (නදී)
පමාවුණත් හොඳ වැඩක් (නි)
දුකයි මේවගේ වටිනා අවස්ථාවක් නැතිවෙන එක ගැන. වොක්සගන් කියන්නේ මොනතරම් හොඳ කාර් එකක්ද 1960 හදපු වාහනත් තවම අපේ පාරවල්වල තියෙනවා නේද ?එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව බලය නැති වුනාම මේ සමාගම කවදාවත් මේ රටට එන එකක් නෑ (නදී)
පොක්ස්වැහන් දුම බලු ගඳයි නේද ? (නදී)
ඉන්දියාවේ වාහන බොහොමයක් වගේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ මේ වගේ. ( මුල් නිෂ්පාදිත රට සමග එකතු වෙලා) - ලේලන්ඩ්, ටාට, සුසුකි,හොන්ඩ,වගේ (ම)
හොඳ යෝජනාවක් (නි)
මේක සුදුසු හම්බන්තොටට. වරාය තියෙන්නේ එහෙ, අනික ඉඩ තියෙන්නේ එහෙ (නදී)
ලංකාව භාණ්ඩ මිලදීගන්නා රටක් වෙනුවට භාණ්ඩ නිෂ්පාදනය කරන රටක් වෙන්න සිරිමාවෝ වගේ නායකයන් ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා.(නදී)
අපේ රටේ මයික්‍රෝ වගේ ආයතන වලට පහසුකම් දීලා අපේම කියලා නිෂ්පාදනයක් කිරීමට කවදා සිතෙයිද දන්නේ නැහැ (නි)
ගොඩක් හොඳ වැඩක්.. ලංකාවේ යතුරුපැදි ක්ෂේත්‍රය විනාශ කරන ඉන්දියන් කම්පැනි කාරයන්ගෙන් ක්ෂේත්‍රය බේරගන්නත් වැඩක් කරන්නත් ඕනි.. ජපන් යතුරුපැදි මිල එන්න එන්නම වැඩි වෙනවා.. ඔරිජිනල් පාර්ට්ස් ගෙන්නවාත් අඩු යි.. මිලත් වැඩි..(ම)
අනේ සාදු. චීනෙන් සහ ඉන්දියාවෙන් එන මලකඩ කාර් වලට වඩා ගොඩක් කල් වැඩගන්න පුළුවන් වොක්ස්වගන් ජර්මන් කාර්. මන් දන්නේ නෑ දැන් වොක්ස්වැගන් කාර් වල බොඩිය නිෂ්පාදනය කරන තහඩුව. නමුත් 90-2000 වගේ කාලේ වොක්ස්වැගන් කාර් වල බොඩි එක නිෂ්පාදනය කරේ යකඩ මිශ්‍ර කළ ගල්වනෛස් තහඩු වලින්. මලකඩ කන්නේ නැහැ සැහෙන කාලෙකට.(හේ)
සුභ පැතුම්. (බ)
ගෙනාවට කවුද ගන්නේ.(හේ)
1971 සිරිමාවෝ රජයෙන් ලංකාවේ පටන්ගත් නිෂ්පාදන කර්මාන්ත ශාලා වැහුවේ 1977 පැවති රජයෙන්. දැන් ඉන්න තරුණ පරම්පරාව ඒ ගැන දන්නේ නැහැ.එදා එම තීරණය ගත්තේ නැත්නම් අද ලංකාවේ කාර් නිෂ්පාදනය වෙනවා.අද ලොකුවට නිෂ්පාදනය ගැන කතා කරනවා. (නි)
ඇයි මෙහෙම දෙයක් පක්ෂෙක කාර්යාලයක දී කියන්නේ ? ෆොක්ස් වැගන් එන්නේ එජාපෙ එක්ක ගිවිසුම් ගහන්න ද ? (නදී)
මෙම උසස් තත්වයේ වාහන ශ්‍රී ලංකා ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවට අපනයනය කල හැකියි. (ර)
රුවන් මොනවද මේ කතා ? (නදී)