ඉන්දීය නාවික හමුදාවේ විශාලතම වික්‍රමාදිත්‍ය සහ මයිසූර් යන යුද නෞකා දෙක සිවුදින සුහද සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා (21) උදෑසන කොළඹ වරායට පැමිණීමට නියමිතය.
‘හිරුමෙන් ශක්තිමත්‘ යන අරුත දෙන ‘වික්‍රමාදිත්‍ය‘ නෞකාවේ දිග මීටර් 284කි. පළල මීටර් 60 කි. ප්‍රහාරක ගුවන් යානා 36කට එහි ඉඩකඩ ඇත. කාර්ය මණ්ඩලයේ 1700කි. නෞකාව මහල් 22කින් සමන්විතය.
රියර් අද්මිරාල් රව්නීට් සිං නෞකා අණදෙන නිලධරයාය. කපිතාන් කේ. ස්වාමිනාදන් කපිතාන් පෝල් ද නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හමුවීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉන්දියාවේ දේවල් බලන්න ඕනෑ නැහැ (නි)
මොනදේකටද මේ නැව් අපේ රටට එන්නේ? සුහද සංචාරයකට එනකොට නැවක් පුරවාගෙන මිනිස්සු අරගෙන එන ඕනෑද? (නි)
ඔය එන්නේ! මෙහෙට චීන සබ්මැරින් ආවම හරිම අමාරුයි, යුද නැවු ආවට කමක් නැහැ (නි)
87දි මයිසුර් පරිප්පු කැව්වේ අහසින්. දැන් මුහුදෙනුත් එනවා වගේ. (නි)
ලංකාව ඉන්දියාවට උගස් කරලාද කියා සිතෙනවා (නි)
අපිට ඉන්දියාවේ යුද නැව් අවශ්‍ය නැහැ නේද? ශ්‍රී ලංකා ජනතාව ඉන්දියාව සමග තියෙන්නේ සුහද හැගීමක් නොවේ. ඇයි මේ අය එය තවත් වර්ධනය කරන්නේ ? (බ)
සීපා අත්සන් කරගන්නද දන්නේ නැහැ නේද? (නි)
සාගින්නෙන් , දිලිදු බවෙන් හා වසංගත රෝ බියෙන් පෙලෙන කෝටියකට අධික ඉන්දියානු ජනතාවට මේ යුධ නෞකා කොයිතරම් ලස්සනට පෙනෙනවද අනේ අපේ ලෝකේ හැටි (බ)
විජය, ඉන්දියාවේ දුප්පත්ම මිනිස්සු තමන්ගේ රට ගැන කතා කරන්නේ ආඩම්බරයෙන්. වාහන නැව් පාරවල් ගොඩනැගිලි පෙන්නලා කියනවා අපි දුප්පත් වුණත් මේ ඔක්කොම දේ අපේ රටේ හදපු දේවල් නිසා අපේ වගේ තමයි කියල. අපේ රටේ දුප්පත් අයට එහෙම හිතන්න අපි මොනවද මේ රටේ හදන්නේ. (අ)
ආසියාවේ දෙවැනි බලවත්ම රාජ්‍යයය. අපි ඉන්දියාවේ කන්ට නැතිව ඉන්න කට්ටිය ගැන කතාකරනවට වඩා, තාක්ෂනය සහ නිෂ්පාදන අංශයෙන් ( කර්මාන්ත ) දියුණුවෙලා තියෙන තත්වය ගැන හිතල අපිත් අපේ රට එතනට ගෙනයන්ට හිතාගෙන වැඩ කරන එක තමයි හොඳ. අපි නිතරම පුරුද වෙන්ට යම් රටක දියුණුවෙලා තියෙන පැත්ත ගැන හිතන්න. මොකද අපේ රටෙත් බඩගින්නෙන් සහ ලෙඩ රෝග වලින් පෙලෙන මිනිසුන් නැතුව නෙමෙයි. (අ)
එන්නේ පෙරහුරුවකට දන්නේ නැහැ.මෙයාල විශ්වාස කරන්න පුළුවන් ජාතියක් නෙවෙයි (බ)
අපේ රට චීන කොලනියක් වෙනවා කියල කෑ ගහපු අය දැන් කොහෙද? (බ)
ඡන්දෙට ඉස්සෙල්ලත් බොරු කීවා. දැනුත් බොරු කියනවා (බ)
මයිසූර් පරිප්පු ගෙනෙන්නේ මේ නැවෙන්ද?(අ)
පකිස්තානයෙන් ගුවන් යානා ගන්න එපා කියපු මේගොල්ලෝ මොකට දැන් මේවා එවනවද මන්දා? අපි යුද්ධ කරපු කාලේ එවපු නැති නැව් දැන් මොකටද? හතුරෝ කවුද මිතුරෝ කවුද කියලා දැනගන්න ඕනෑ අපිත් (නි)
චීනෙන් යුධ නැවක් ලංකාවට පෙරහුරුවකට එනවා කිවුවා විතරයි මෙයාලටත් ඕනෑවුණා ලංකාවට එන්න. (නි)
චීනෙන් ලංකාවට යුධ නැව් එනවා කියලා කෑ ගැහුවේ මෙයාලම නේද? (නි)
මිලානෝ, මෝඩ කතා කියන්න එපා.. ඉන්දියාවත් එක්ක ලංකාවේ මිනිසුන්ට සුහද හැඟීමක් නැත්නම් මොකටද වන්දනාවේ යන්නේ? ඉන්දියාවෙන් මෙච්චර බදු ආනයනය කරන්නේ? අපි ඉන්න ඕනෑ ඉන්දියාවත් එක්ක මිස ස්වාසිලන්තය එක්ක නෙමෙයි (නි)
අපේ රටට සාදරයෙන් පිළිගන්නවා.(හේ)
අපේ නාවික ශක්තියත් පෙන්වන්න ඕනෑ මේගොල්ලන්ට. (නි)
මයිසූර් පරිප්පු නැවක් ළඟදිම එයි වගේ (නි)
අපිට කොටි ගහනකොට මේ නැව් අපේ උදව්වට තියා අහලකින්වත් ගියෙ නැහැ. දැන් එනවා පෝලිමේ. (නි)
ඉන්දියාවෙන් හමන සුළග පවා අහෝ සැපකි! (නි)
මෙවැනි යාත්‍රා එක එන අපේ රටට ආඩම්බරයක් (නි)
අපේ රටේ ප්‍රධාන පක්ෂ විදෙස් සබඳතා පවත්වන්නේ තම තමන්ගේ විපක්ෂ වලට එරෙහිව මිසක් රටේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට හෝ රටේ ආරක්ෂාව ගැන සිතා හෝ රටේ අභිවෘද්ධිය ගැන සිතා හෝ නොවේ කියායි අපිට නම් සිතෙන්නේ (නි)
ළඟදිම පරිප්පුත් අහසින් වැටෙයිද දන්නෙ නැහැ (නි)
මේගොල්ලෝ ළංකර ගත්තොත් අපේ විනාශය අතළඟයි. (නි)
ඒකත් ඉන්දියාවෙන්ද? (නි)