(එච් එම් ධර්මපාල )
රත්මලාන බොරුපන පිහිටි රූපලාවන්‍යාගාර නිෂ්පාදන ආයතනයක තිබී එහි තිබු විදේශ රටවල නිෂපාදිත අධි සන්නිවේදන වෝකි ටෝකි කට්ටල 14 ක් ඇතුළු උපකරණ රැසක් සමඟ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහි තිබී බැටරි සවි කළ විදුලි පරිපථයක්, සිඩී තැටි 8, දෘඪ තැටියක් (හාඩ් ඩිස්ක්) ද අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් එම රූපලාවන්‍යගාරයේ සේවය කරන්නන් බවද පසුගිය දිනයන්හි සිද්ධින්වලට මෙම පුද්ගලයින් සම්බන්ධදැයි සෙවීම සඳහා පරීක්ෂණ සිදු කරන බව පොලීසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලීසියට බාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd