(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
වකුගඩුවක් ගලවාගන්නා තුරු නැවත සියරට එන්නට නොදී සෞදි අරාබියේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියෝ තිදෙනෙක් රජයෙන් ඉල්ලා සිටිති. මෙසේ සෞදි අරාබියේ නිවසක සිරකර ඇත්තේ දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නම් වූ 36 හැවිරිදි තිදරු මවකි.
මේ මව තමන් පත්ව ඇති අනතුර පිළිබඳව ඉතා කෙටියෙන් සදහන් කොට කුඩා වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්කොට තිබිණි. එය දුටු කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි තරුණයකු වූ කුමාර ඉහළගෙදර මහතා විසින් මේ කාන්තාවගේ නිවස සොයාගෙන ගොස් පසුව මාධ්‍ය දැනුම්වත් කිරීමත් සමග මේ සිද්ධිය අනාවරණය කර ගැනීමට හැකිවිණි.
මේ මවගේ නිවස සොයා 21 දින පෙරවරුවේ අපි එහි ගියමු.
එහිදී අනාවරණය වුයේ පියා අහිමි දියණියන් තිදෙනා දැඩි ආර්ථික දුෂ්කරතා මැද සිය මිත්තනිය වූ ස්වර්ණා ජයසිංහ මහත්මිය සමග හැඬූ කඳුලින් ජිවත්වන බවය .මෙහිදී සෞදි අරාබියේ සිරකර සිටින ඉන්ද්‍රකාන්ති මිය අන්තර් ජාලය හරහා සම්බන්ධකරගැනීමට කුමාර මහතාගේ සහයෝගය ලැබිණ. ඇය තමන්ට සිදුවී ඇති විපත ගැන මෙසේ කීවාය .
"මම මෙහෙ ඇවිල්ල දැන් අවුරුදු දෙකකට වැඩි. මේ ගෙදර බාබලා (ස්වාමියා) මට කියනවා මගේ වකුගඩුව දෙන්නලු ඒ අයගේ කෙනකුට බද්ධ කරන්න. මට ලංකාවට යන්න දෙන්නේ නෑ වකුගඩුව දෙනතුරු"
"වකුගඩුව ගලවලා මාව මෙහේ මිනිහෙකුට බන්දලා දෙනවලු. මම ඒකට අකමැති නිසා මට ගහනවා, කන්න දෙන්නේ නෑ. දැන් මාස කීපයක ඉදලා පඩිය දෙන්නේ නෑ. කන්න නැතිව ඉන්නකොට මම අවස්ථා කීපයක් රෝහල් ගත කළා. මෙයාල කියන්නේ වකුගඩුව ගලවාගන්න කැමති වෙන්නලු .ඉතින් මට මගේ දරුවෝ නැතිව ඉන්න බැහැ "
අප මේ නිවසට ගිය අවස්ථාවේ කුඩා දියණියන් දෙන්නා කිවේ අහාර නැති නිසා පාසල් ගමන නැවතී ඇති බවයි. සිය මව විසින් එවන ලද මුදල් වලින් නිවසක් කුලියට ගෙන සිටින බවත් දැන් මුදල් නොමැති නිසා සියල්ල අහිමි වී ඇති බවත් දරුවෝ කීහ.
මේ දරුවන්ගේ මිත්තනිය වන ස්වර්ණා ජයසිංහ මහත්මිය කිවේ තමන් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළ බවත් ඒ අවස්ථාවේ වකුගඩු ඉල්ලන කතාව් නොකියන ලෙස දැනුම් දුන් බවද මෙතෙක් පැමිණිල්ල විභාග නොකළ බව කීවාය
පසුව අප මේ පිළිබදව විදේශසේවා නියුක්ති කාර්යංශය මාධ්‍ය ප්‍රකාශක උපාලි දේශප්‍රිය මහතා ගෙන් විමසීමේදී ඒ මහතා කිවේ එම පැමිණිල්ල තමන්ට නොලැබුණු බවයි. තමන් මේ ගැන කඩිනමින් සොයා බලා දන්වන බවද දේශප්‍රිය මහතා කිවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමතිතුමියනි, මෙන්න ඔබතුමියගේ ආයතනයේ වැඩපිළිවෙළ... මෙහෙම වෙන්නේ ඇයි?
වකුගඩු සඳහා විශාල ඉල්ලුමක් බොහෝ රටවල ඇත. ලංකාවේ අනතුරුවලින් මැරෙන තරමට වකුගඩු සහ අනිකුත් ශරීර අංග හිඟයක් ඇතිවිය නොහැකියි. ශරීර කොටස් බැංකුවක් මගින් ඉන්ද්‍රීයන් සංරක්ෂණය කර විදෙස් රටවලටත් දෙන්න පුළුවන් තරමට මිනිස්සු පාරේ මැරෙනවා.
අපේ විදේශ සේවා කාර්යාංශය කවදත් ඔහොම තමයි... යන්න කලින් නම් ගාණ කඩාගන්න බොහොම හොඳින් කථාකරනවා, අවශ්‍යතාවයක් ආව වෙලාවට කිසිම දෙයක් දන්නේ නැහැ....
දුප්පත්කම නිසා කාන්තාවන් ගෘහ සේවයට රට යවන්නේ විදේශ විනිමය ලැබෙන නිසා... මේ වගේ දේවල් වෙද්දිත් රජය ඊට දිරිගන්වන එකගැන නම් හරිම කණගාටුයි.
දරිද්‍රතාවය නිසා මව්වරුන් විදේශ ගත වනවා... ලැබෙන විනිමය ප්‍රමාණයට වැඩියෙන් විදේශ අධ්‍යාපනයේ නියැලෙන සිසුන් වෙනුවෙන් වියදම් වෙනවා. විදේශගතවන මව්වරුන්ගේ දරුවන් අනාථ වෙනවා. විදේශගතවන බොහොමයක් දෙනා විවිධ හිරිහැරවලට ගොදුරුවෙනවා. මෙනිසා නොපමාව සියලු බලධාරීන් එකතුවී මෙවැනි ප්‍රශ්න සඳහා ප්‍රතිපත්තියක් සකස් කල යුතුයි..
සෞදියේ ඉන්න ශ්‍රී ලාංකික කාන්තාව බේරාගත යුතුය... සෞදි රටට යවන්න එපා මෙහෙම ...
රන්ජන් රාමනායක මහත්තයා දැන් ඉන්නේ ලංකාවේද ?