ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙහෙයවන වකුගඩු රෝගීන් කලින් හඳුනාගැනීමේ වැඩසටහනක් මැයි (18) සිට ජූනි 15 වැනිදා දක්වා මහියංගන හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලදී පැවැත්වේ.
සෞඛ්‍ය , පෝෂණ හා දේශීය අමාත්‍යාංශය, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මහනුවර මහ රෝහලේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම වෛද්‍ය සායන සඳහා සහභාගී වන්නැයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම වෛද්‍ය සායන අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තෝරාගත් ස්ථානවලදී දවස පුරා පැවැත්වෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි තීරණයක් ගැනීම ඉතා උතුම් (නි)
මේවා කාලීන අවශ්‍යතා. රටේ ජනයාට කෙරෙන උතුම් සේවා වැඩසටහනක්. සෙසු පළාත් වලටත් මෙවැනිම අවස්ථා සළස්වා දෙනු මැනවි. නැතිබැරි අසරණයන්ට පිහිට ලැබේවි. අපේ ජනපතිතුමාට දෙවි පිහිට හා දීර්ඝායුෂ ලැබේවා! (නි)