විල්ගමුව ,හදුන්ගමුව , කුඹුකන්දන , විහාරගම ,වෙහෙරගල හා මාරක ගම්වල වී වගාවට යොදන රසායන ද්‍රව්‍ය වලින් පසුගිය වසර තුනේ අඩු ගණනේ වකුගඩු රෝගයෙන් 120 දෙනකු පමණ මිය යන්නට ඇතැයි විල්ගමුව ප්‍රාදේශිය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා කියයි.
වකුගඩු රෝගීන් 600 ක් පමණ සිටින බව කියන ඔහු එම රෝගයට ගොදුරු වු වැඩි දෙනා වයස අවුරු 35- 45 ට වැඩි වු වෝ බව ද සදහන් කරයි.
විල්ගමුව රෝහලේ වෙනම වකුගඩු ඒකකයක් ද අරඹා ඇත.
රෝගය පැතිරී යන ප්‍රදේශයට පිරිසිදු පානීය ජලය සැපයීමට පියවර ගෙන තිබේ.
විල්ගමුවේ විසිනවදහසකට අධික පිරිසක් ජීවත් වෙති. ප්‍රධාන රැකියාව ගොවිතැනයි.
ශෘහ මුලිකයා මිය ගිය පසු පවුල කඩා වැටෙන හෙයින් ස්වේඡ්ජා සංවිධාන හා දේශපාලන අධිකාරියේ සහායෙන් අරමුදලක් ඇරැඹිමට ද ප්‍රාදේශිය ලේකම් අදහස් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවිතැනට යොදන රසායනික ද්‍රව්‍ය බහවිතයේදී ආරක්ෂාවීමේ ක්‍රම ගැන ගොවින් දැනුවත් කරනෙනැහැ .මේ ගැන බහුජාතික සමාගම් වගකියන්න ඕන (දී)
රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය මෙරටින් ඉවත් කර සියලුම ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතුයි. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය අනිවාර්ය වේ. (දී)
පින්වත් සරත්, රසායනික බෝතල් වල ලේබලේ ලියල තියෙන්නේ මොනවද? (දී)
වී වගාවට යොදන රසායන ද්‍රව්‍ය නොමිලේ දෙමුකෝ! (ස)