වර්තමානයේ රටත් ජනතාවත් මහත් ආන්දොලනයකට ලක් කළ වකුගඩු ජාවාරම සහ ලාංකික වෛද්‍යවරයාගේ භූමිකාව පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී (ජ.වි.පෙ) වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ මාධ්‍යයට කරුණු දැක්වීය.
අද වන විට මේ වකුගඩු ජාවාරම් චෝදනාව නිසා අපේ රටත්, අපේ සෞඛ්‍ය සේවයත්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික වෛද්‍ය ප්‍රජාවත් අපකීර්තියට පත් වී තිබෙනවා.
මෙම අපකීර්තිය ජාත්‍යන්තර තලයට යා නොදී ඉතාමත් කීර්තිමත් දක්ෂ වෛද්‍ය පරපුරක් හිමි ශ්‍රී ලංකාව මෙම චෝදනාවෙන් ගලවා ගැනීමට රජය මෙයට වහාම මැදිහත් විය යුතුයි. ඇති වී තිබෙන චෝදනා පිළිබඳ විමර්ශනය කර වැරදිකරුවන්ට ඉහළම දඬුවම් ලබා දීම නොපමාව ඉටු කළ යුතුයි.
එසේම මෙම ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන් හය දෙනා පමණක් නොව මීට අදාල පෞද්ගලික රෝහල් හිමියන්, ව්‍යාපාරිකයන් මෙම සැත්කම් වලට අවසර ලබා දුන් අමාත්‍යංශ නිළධාරීන්, බළධාරීන් සහ දේශපාලන අධිකාරිය මෙන්ම දේශපාලනඥයින් නීතියට හසු කළ යුතු අතර මෙම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කළ යුතුයි.
මෙම ජාවාරම වෛද්‍යවරුන් හය දෙනාට පමණක් තනිව කළ නොහැකියි.
එසේම 2014 වර්ෂයේ දී මෙවැනිම සිදුවීමක් සිදු වී ඇති අතර එම පරීක්ෂණ යට ගසා ඇත්තේ කාගේ බලපෑමට ද යන්න රට හෙළි කළ යුතුයි.
එසේම මෙහිදී වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම වෘත්තීය නියෝජිතයින්ද මෙම පරීක්ෂණයටසහාය දිය යුතු බවත් එම සහයෝගය රජය නොවළකා ලබා දිය යුතු බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ වකුගඩුවකටත් මොන ලෝකේ කළත් රෝහලට ලක්ෂ 11ක් පමණත්, වකුගඩුව දෙන්නාට ලක්ෂ 9ක් පමණත් වියදම් වෙනවා. (නි)
මෙතන වෛද්‍යවරු ජාවාරමක් කළා කියල මට නම් පෙනෙන්නේ නැහැ. එයාල කරලා තියෙන්නේ වකුගඩු බද්ධයක් විතරයි. වකුගඩු සල්ලි දීල මිලදී ගත්තත්, බලහත්කාරෙන් ගත්තත්, එ්ක කරලා තියෙන්නේ වෙනත් ජාවාරම්කරුවන් පිරිසක්. රෝගියකු තමනට සුදුසු වකුගඩුවක් ජාවාරම් කරුවෙකුගෙන් හෝ තැරවූ කරුවෙකු මාර්ගයෙන් හෝ සොයා ගෙන තම ජීවිතය බේරාගැනීමට රෝහලකට ගොස් ශල්‍යකර්මයක් කරවා ගැනීමෙන් එම වෛද්‍යවරයාවත් රෝහියාවත් ජාවාරම් කරුවකු වෙනවද? (බ)
දී කිරට සාක්කිදෙන බළල්ලු කීපදෙනෙක් සැරිසරනවා. (නි)
වෛද්‍ය විද්‍යාවෙන් ලංකාව ලබා ඇති දියුණුවට වල කැපීමක් (බ)