ඉන්දියා ජාතිකයනට ශ්‍රී ලංකාවේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකළ ආකාරය ගැන පරීක්ෂණ පැවැත්වීම අද (25) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල පොලිස්පතිගෙන් ඒ පිළිබඳ ඉල්ලීමක් කර තිබිණි. වකුගඩු බද්ධ කිරීමේ සිද්ධියට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 6 දෙනකු සම්බන්ධ බවත් ඉන් එක් අයකු රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ සාමාජිකයකු බවත් කියති.
රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය කියනුයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබීමට යන සීපා වෙළඳ හා ආර්ථික ගිවිසුමට එරෙහිව තම සංගමය දිගින් දිගටම විරෝධය පෑම නිසා ඉන්දියාව තම සංගමයත් ශ්‍රී ලංකා වෛද්‍යවරුනුත් අපකීර්තියට හා අවමානයට ලක් කිරීමේ උත්සාහයක නියැලෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සංගමයේ අය අමුතුවෙන් අපකීර්තියට, අවමානයට පත් කරන්න වුවමනා නැහැ . අර මාධ්‍ය සාකච්ජාවේ වීඩියෝ එක බැලුවාම පොඩි ළමයකුට වුණත් තේරෙනවා ඒගොල්ලන්ගේ කීර්තියේ තරම . (ම)
වෛද්‍යවරු ඕන නැහැ තව ටික කාලෙකින් රජයෙන් ගිවිසුමක් ගහලම අපේ වකුගඩු ටිකත් ගලවලා දෙයි ඉන්දියාවට (බ)
තමන්ගේ සාමාජිකයන් කව්දැයි කියල දන්නේ නැති තොත්ත බබාලා. අර මාධ්‍ය සාකච්ඡාවේදී හොඳට තේරුණා. (බ)