වලංගු වීසා නොමැතිව ශ්‍රි ලංකාවේ රැදී සිටිමින් හා මිරිහාන රැඳවුම් බාරයේ සිටිය දී පලා යාමට තැත්කිරිමේ චෝදනාව මත ඉන්දු ලංකා වකුගඩු ජාවාරමට අදාල සැකකරුවනට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී චෝදනා ගොනු කෙරිණ.
රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් පස්දෙනාටද එක් අයකුට නඩු දෙක බැගින් නඩු 10 ක්ද පැන ගිය සැකකරුවන් තිදෙනාට එක් අයකුට නඩු දෙක බැගින් නඩු හයක්ද පැවරිණි.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් පස්දෙනා පෙබරවාරි 9 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (27) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd