ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනෙකු වකුගඩු ජාවාරමකට සම්බන්ධ බවට ඉන්දියාවේ පොලීසිය කර ඇති අනාවරණය ගැන සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සේවා අධ්‍යක්ෂ කාන්ති ආරියරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් මෙම විමර්ශන කමිටුව සමන්විත වේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම කමිටුව පත් කර ඇත.
ඉන්දියාවේ පොලීසිය අනාවරණය කළ වෛද්‍යවරුන් වකුගඩු ශල්‍යකර්ම කළ බව කියන පෞද්ගලික රෝහල් වෙත ගොස් පරීක්ෂණ පවත්වා සතියක් ඇතුලත කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය සේවාඅධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වගේ නම් වෙන්න එපා. (නි)
මෙම කමිටුව වකුගඩු වලට සීමානොවී සමස්ත වෛද්‍ය වෙළඳාම ගැන සොයා බැලිය යුතුය. ලංකාවෙහි අනවශ්‍ය ලෙස ශල්‍යකර්ම හා බෙහෙත් දීම කෙරෙන බව පෙනීයයි (නි)
බොරුවට යටගහන්න එපා මාධ්‍යය වලට කරුණු වසන් කරන්න එපා වැඩේ වරදීවි. .