(සුජිත් හේවාජුලිගේ )

වී මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට අද (4) උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ කොළඹ 2 ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ වී  අලෙවි මණ්ඩලයේ ප්‍රධාන  කාර්යාලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

රජය සතුව ප්‍රමාණවත් වී සංචිත පවත්වාගෙන යෑම ඉලක්ක කර ගනිමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී  සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීම, තොග රැස්කිරීම, අලෙවිය සහ හිඟයකින් තොරව වෙළෙඳපොළට  සහල්  සැපයීම පිළිබඳව සොයා බැලීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.