(කාංචන කුමාර ආරියදාස)
වී අස්වැන්න ලැබීමට ආසන්නව පවතිද්දී මේ වන විට රටේ විශාල වශයෙන් වී මිල පහත වැටී ගොස් ඇතැයි ද කඩිනමින් මේ තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් නොවුන හොත් ඉදිරියේදී ගොවි ජනතාව සමඟ පාරට බසින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේ වී මිල පහත වැටීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් 15 දින දඹුල්ල ප්‍රදේශයේ පවත්වමිනි.
වී අලෙවි මණ්ඩලය තම සංවිධානය මගින් ලබාදුන් යෝජනා මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති තීරණ පිළිබඳව සහාය පළ කරන බව පවසා සිටි අතර ඉදිරියේදී ගොවීන්ගෙන් මිලදී ගන්නා වී අලෙවි නොකර සහල් බවට පත්කර සහන මිලට ජනතාවට සහල් අලෙවි කිරීමේ වැඩසටහන පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට ස්තුතිවන්ත වන බව ද සඳහන් කළේය.
එහෙත් මෙහිදී නාමල් කරුණාරත්න මහතා විශේෂයෙන් සඳහන් කළ සිටියේ පසුගිය කන්නවල රටේ හාල් අවශ්‍යතාවයට වඩා සහල් නිෂ්පාදනය වී තිබුණු බවත් එමෙන්ම අනවශ්‍ය ලෙස සහල් තොග විදේශ රටවලින් ගෙන්වා ඇති බව ද සඳහන් කළේය.
සහල් මිල විශාල වශයෙන් ඉහළ දමා ජනතාව පහසුතාවයට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේය.
තම සංවිධානය මගින් රජයට ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් පිළිබඳවද සඳහන් කරමින් එම යෝජනා වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කළ බව ද සඳහන් කළේය.
ඉන් එක් යෝජනාවක් බවට පත්ව ඇත්තේ වී මිලදී ගැනීමේදී ගොවියා අපහසුතාවයට පත්වන ආකාරයේ ලියකියවිලි ඉවත් කිරීම, ඒ සඳහා පොහොර නිකුත් කළ නාම ලේඛනය යොදා ගැනීම, ගොවීන්ගෙන් රජය වී මිලදී ගැනීමේදී දින ගණනාවක් තිස්සේ දිගු පෝලිම්වල තබා ගැනීමකින් තොරව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීම, එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 වෙනුවට වී කිලෝ හාරදහසක් මිලදී ගැනීම, එමෙන්ම ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග පුද්ගලික ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීම නැවතීම, එම වී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් කරුවන් සමග එක්ව සහල් බවට පත්කොට( වී එම් වී රයිස් ) නැමැති නාමයකින් සහතික මිල ගණන් යටතේ අලෙවි කිරීම, බෑගයක් නොමිලේ ලබාදීම යන කරුණු වලට එකඟතාව පළ කළ බව හෙතෙම කියා සිටියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කන්නයේදී රාජ්‍ය ආයතනවලට නොදී පුද්ගලික අංශයට පමණක් ගොවීන් තම අස්වැන්න ලබාදුන්නා නේද? රාජ්‍ය වී ගබඩා හිස් කියලා ප්රවෘත්ති තිබුණා. මේ පාරත් ඒ වැඩේම කරන්න බලාගෙන පුද්ගලික අංශය තම තොග වෙළඳපොලට නිකුත් කරන්න ඇති. එතකොට වැඩේ පටන් අරන්තියෙන්නෙ කවුද.? දුක කියන්නේ කාටද? දේශපාලුවෝ ගැන හිතන්නේ නැතුව තම සාමාජිකත්වය දැනුවත් කර මිල පාලනයක් තමන් විසින්ම ඇති කරගත්තොත් හොඳ නැද්ද?
මේක මාර වැඩක්නේ... හැම මගුලකටම පාරට බහිනවලු. හලෝ අපිට බත් කන්න බැරි වුනොත් පාන් කනවා. ඔහෙලට වී ටික විකුණාගන්න බැරිවුනොත් වහ තමයි කන්න වෙන්නේ. එ්ක මතකතියා ගෙන අපිට පුස්පාට් දාන්න එපා.
අනේ බහින්න... අනේ... බැහැ බැහැ ඉන්නේ. දේශපාලනය ගෑවිලා තියන කල් කොහේ බැස්සත් වැඩක් නැහැ.
වී ගොවින් කියන්නේ හොරු නෙමෙයි, ඒ මිනිස්සු වැස්සට වෙන හානි, නියගයෙන් වෙන හානි, අලින්ගෙන් වෙන හානි කියන සේරම අවදානම් වලට මුහුණ දීලා ලබාගන්න අස්වැන්න, දේශපාලුවන්ගේ ඥාතීන් ගේ මෝල්වලට තුට්ටු දෙකට ලබාගන්න කරන මගදී වලට විරුද්ධව තමා සටන. එක අපි තේරුම් ගන්න ඕනේ. මේ ගොවියෝ ඇත්තටම කුලිකාරයෙක් සොයන මුදල ලබාගන්නේ නැහැ තමන්ගේ ශ්රමයට. මේ උදවියගෙන් වැඩිදෙනා ගොවිතැන කරන්නේ පාරම්පාරිකව කරගෙන ආපු නිසා සහ අනුන්ගේ කුලිකරන්න යන්න අකමැති කම නිසා. මේ උදවියට මේක කරගෙන යන්න රජය උදව් කළ යුතුයි....... එහෙම නැත්නම් තව අවුරුදු10 කදී 15 කදී වෙන්නේ අපිට රටේම හාල් අවශ්‍යතාව පිටරටින් ගෙන්න. දැන් ඉන්න නායකයෝ කුඹුරු ගොඩකරන්න කතා කලාට ඩි එස් සේනානායක මහත්තය වගේ නායකයෝ ලොකු කැපවීමක් කරලා , උනන්දු කරලා පොළොන්නරුවේ ගොවියෝ රැකගත්තේ.
ශ්‍රී ලංකාව කියන්නේ පෙරදිග ධාන්‍යාගාරය. එවැනි විරුදාවලියක් ලැබුණේ සිංහල රජවරු ගොවියා ශක්තිමත් කළ නිසා. සොයා බැලු නිසා. වැව්, අමුණු පිළිසකර කරද්දී උනන්දු කළ නිසා... පෞද්ගලික අංශයේ වී මිලට ගැනීම කරනුයේ දේශපාලකයින්ගේ ඥාතින්, හිතවතුන්. වී අලෙවි මණ්ඩලයට තනිවම වී මිලට ගැනීම අපහසුකර තිබෙන්නේ දේශපාලන බලපෑම් නිසා... එම තත්වයන් නිසා ගොවියන් සූරාකෑමට එරෙහිව පාරට බැසීම හැර වෙන කුමක් කළ හැකිද? බත් වෙනුවට පාන් කෑමට සුදානම් වෙන්නේ පාට කන්නාඩි දමාගත් බටහිර ගැති කළු සුද්දන්... ජාතිය සහලින් පෝෂණය කරන ගොවියන් වෙනුවෙන් පෙනීසිටීම දේශපාලනය නොවේ. ජනතා රජයක වගකීම ජනතාව වෙනුවෙන් පෙනී සිටීම මිස කූට ව්‍යාපාරිකයින් රැකගැනීම නොවේ. ජාතිය වෙනුවෙන් දහදිය හෙලන මිනිසුන් නොසලකන රජයකට විරුද්ධත්වය පෑම වරදක්ද? නොඇසූ කන්ව, අන්ධව, ගොළුව සිටීම, වහල් සමාජයකට අයත් දීනකමක් මිස දියුණු ප්රජාතන්ත්ර ක්‍රියාවලියක් නොවේ. අරගලයකින් මිස පාලකයින් කැමැත්තෙන් කිසිවක් ලබාදී නැත.
සිරිලංකාවේ තරම් විශේෂඥයන් සිටින රටක් ලොව තවත් නැත. වැඩිකමට පිටරටද පටවති. වාර්ෂිකව මේ ඇසෙන අදෝනාව ඉවරයක් නැත්තේ අඥානයින් වැඩිකමටද යන්න සිතන්නට සිදුවී ඇත. ගංවතුර කාලයට කැළණි ගඟේ පාලම උඩට එනවා.වතුර බහිනකොට නැවත නවාතැනට යනවා. මේකත් ඒ වගේම තමයි. නාමල් මහත්තයෝ;පාරට බහින්නේ නැතුව නිවැරදි දේ කරන්න ඔබතුමන්ලාටවත් දැකීමක් නැතිද? අපිට මේක අහලා එපා වෙලා ඇත්තෙමු. අපේ ජනාධිපතිතුමාට අනුව වහින්න එපා කියලා දේව කන්නලව්වක්වත් කරමුද? ඔබලා පාරට බහිනකොටත් අපිට ඉවරයක් නැති කරදරයක් හැමදාම.
පාරට බසිති. ටී වී එකේ පෙන්නති. සල්ලිත් එකතු කරති. සතියක් ගිය තැන නටපු සියල්ලම අමතකකර අලුත් සටන් පාඨයක් සොයා නැවත වෙනත් තැනකින් පාරට බසිති. මේ විෂම චක්‍රය ගැන පොතක් ලිවිය හැකිය.
ඇත්ත අවුරුදු හැත්තෑවක්ම අපි අත්දැක්කේ වැඩකරන ජනතාව ගැන නොසොයපු රජයන් තමයි. උද්ඝෝෂණ හැරෙන්නට වෙන කළහැකි දෙයක් යෝජනා කරන්න.
බමුණු මහත්මයා වෙත. අවුරුදු 80ක කෙනෙක් කියන කථාවක්ද ඕක. පුළුවන්නම් සතියක් එකදිගට පාන් කාලා පෙන්නමුකෝ. "එ්ක මතකතියා ගෙන අපිට පුස්පාට් දාන්න එපා". මේගොල්ලෝ අභියෝග කරන්නේ පවතින ආණ්ඩුවට. මෙතැනදී ඔබතුමා "අපි" ලෙස අදහස් කරන්නේ ඔබතුමා ආණ්ඩුව නියෝජනය කරන බව ද? ඔබතුමා ආණුඩුවේ මාධ්‍ය අංශයේ පුද්ගලයෙක් ද? අතිශයින්ම ලැජ්ජයි.
දන්නේ නැති නිසා අහන්නේ වැඩි මිලට ගත්තොත් ගොවියා ගොඩ අපි අමාරුවේ අඩු මිලට ගත්තොත්?
යෝජනා කරන්න ඕන කෙනෙකුට පුලුවන්. නමුත් ක්‍රියාත්මක කරන්න අමාරුයි . මුලින්ම කරන්න ඕන ගබඩා පහසුකම් වැඩි කරන එක. ඊට පස්සෙ පාලනයක් ඇතුව වෙළදපොලට වී නිකුත්කරන්න ඕන. මේ වැඩේට පවුද්ගලික අංශය සහභාගි කරගන්නව ඇරෙන්නට වෙන විකල්පයක් නෑ. ඒ විතරක් නෙවෙයි මේ වී තොග වලට ආරක්ෂාව සපයන්න හමුදාව යොදාගන්න පුලුවන්. මේවා කරන්න නීති වෙනස් කරන්න වෙනවා. සහල් මෝල් කාරයොන්ගෙ බඩට වදින්නත් බෑ. අවුරුදු 3න් විසදුමක් දෙන්න බැරිනම් අලවි මන්ඩලය වහලා දාලා වී ගොවිතැන නතර කරන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තොත් හැම එකාම මේකට එකග වෙනවා.
කුමාර මහතා මම නියෝජනය කරන්නේ නිශ්චිත වැටුපක් ලබන කප්පරක බදු ගෙවන වැටුපෙන් ජීවත් වන ජනතාවයි. ඒ ගොල්ලෝ උදේට, රෑට කන්නේ පාන් නැතිනම් පිටිවලින් සාදා ගත් කෑමක්. එමනිසා ඒ ගොල්ලන්ට පාන් අමුතු කෑමක් නොවෙයි. මම කන්නෙත් උදේට දුඹුරු පාන් පෙති දෙකයි. රෑට දුඹුරු පාන් පෙති දෙකයි. දවල්ට විතරක් අඩියක් ගහලා බත් කනවා. එමනිසා මට කෑම ලොකු ඉෂූ එකක් නොවෙයි. අපි දවසට 4 සැරයක් බත් කන මිනිස්සු නොවෙයි. එ් නිසයි තාම දොස්තර කෙනෙක් ඇඟට පිහියක් තබා නැත්තේ...
කුමාර මහතා, මම අවුරුදු 20ක් පිටරට හිටියා ඔබ සිතන වාද උදේට සහ රෑට කැවේ බත් කියලා... බත් කෑවානම් උසේ හැටියට බර තියා ගන්න බැරිවෙනවා.