වී අලෙවි මණ්ඩලයෙන් වී මිලට ගත් පිරිසක් මණ්ඩලයට රුපියල් දෙකෝටි තිස්හය ලක්ෂයක් ගෙවීම් පැහැර ඇතැයි එහි සභාපති කේ.බී.ජයසිංහ මහතා කියයි.
මණ්ඩලය සතුව කිසිදු වී තොගයක් නොමැති බවත් සභාපති පවසයි.
පොළොන්නරුව වී මෝල් හිමියන්ගේ සංගමය කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඔහු මෙසේද කීය.
දැනට වී මෝල් වැසී යාමට පටන් ගෙන ඇත්තේ වී අලෙවි මණ්ඩලය අත්තනෝමතික ලෙස වී මෝල් පවත්වාගෙන ගිය අයට රුපියල් ලක්ෂ ගණනින් වී තොග නිකුත් කිරීම නිසා බවත් ඔවුන් හිතවත්කම මත වී තොග පෞද්ගලික අංශයට වැඩි මිලට විකුණා ඇතැයි ද පොළොන්නරුව වී මෝල් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හා උප සභාපති කේ.ඒ.ගාමිණි කුමාරසිංහ මහතා චෝදනා කරයි.
එහි ලේකම් රෝෂාන්ද සිල්වා මහතා කියනුයේ වී අලෙවි මණ්ඩලයෙන් විශාල වශයෙන් කීප දෙනෙකුට රුපියල් කෝටි ගණන් වලට වී විකුණා, වී ටිකත් මුදලක් නැතිව ඇතැම් ජාවරමුන් ඉතා හොදින් සිටින බවයි. තවත් පිරිසක් විදේශ ගත වී එම මුදල් වලින් වෙනත් ව්‍යාපාර ආරම්භ කැර ඇති බවද ඔහු කීවේය.
පොළොන්නරුවේ වී මෝල් වැසී යෑමට ප්‍රධානතම හේතුව වී අලෙවි මණ්ඩලය නුසුදුස්සන්ට වී තොග ලබා දීම බවත් ඔහු පැවසීය.
වී අළෙවි මණ්ඩලයේ සභාපති ජයසිංහ මහතා මෙසේ ද කීවේය.
අමාත්‍යංශයේ අනුමැතිය පරිදි වී අලෙවි මණ්ඩලයේ වී තොග මෝල් හිමියන්ට දී සහල් කැර නැවත සතොසට භාර දෙන ලෙස කීවා. එහෙත් වී තොග ලබාගත් කීප දෙනෙකු ගෙවීම් පැහැරහැර තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. (ර)
දේශපාලනයට, බල පුලුවන්කාරකමට මේ සේරම යටයි. නිලධාරිනුත් ඒවාටම හරියනවා. කෘෂිකර්මය කොහේ දියුණු කරන්නද?(හේ)
තනතුරු වලට හොරු පත් කළාම ඔය වගේ සිද්ධි වෙන එක සාධාරණයි.(හේ)
තව ටික දවසකින් අපට කන්නත් නැති වෙනවා ඔය වැඩ නිසා.(හේ)
අපේ රටේ කෘෂිකර්මයට දෙවියන්ගේම පිහිටයි.(හේ)
වී අලෙවි මණ්ඩලයේ සභාපති පදවියට සුදුස්සෙක් සොයනු.(හේ)
මරු සභාපති. මෙහෙමත් ලංකාවක්.(හේ)
ඇප නැතිව ණයට දෙන ආයතනයක්. මට අමාරිස් අයියා මතක්වුනා. (සිනා නොමසෙන් දසන් දක්වා) (ර)
ඕකට කියන්නේ දිවිනගුම කියල නේද?(හේ)
පොළොන්නරුවේ වී මෝල් තිබෙනවා සියගණනක්. එතකොට මේ සියල්ලටම වී දීලා තියෙන්නේ ඇපකරයක් නැතුවද? බලපත්‍ර තිබෙන මෝල් වලට වී දුන්නා නම් මෙහෙම වෙන්න බැහැ. වී ටික කොටලා හරියට බාරදෙන වී මෝල් හිමියෝ ඕනෑතරම් ඉන්නවා. මේකෙන් තමයි ඒ මිනිස්සු දිගටම මේ රස්සාව කරගෙන ගියේ. කාලයක් මේවා වැහිලා තිබුනා වී අළෙවි මණ්ඩලය වැහිලා තිබුණු කාලේ (නි)
අයියෝ සල්ලි! (නි)
අටුව කඩලා පුටුව හදලා වගේ... (ර)
මේ වගේ වැඩ සිද්ධ වෙනකොට රට දියුණු වෙන්නේ කොහොමද?(හේ)
දන්නෝ දනිති.(හේ)
අපට බත් නෙවේ කන්න වෙන්නේ පුන්නක්කු.(හේ)