වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යධිකාරි සමන් පාලිත බණ්ඩාරගේ රාජකාරි වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වජිර උපුල් ශාන්ත පෙරේරා විසින් ගොනු කැරුණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අගවිනිසුරු කේ.ශ‍්‍රි පවන්, අනිල් ගණරත්න සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුමේ නියෝගය පැනැවූහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන තමා 2010 සැප්තැම්බර් 01 වැනිදා සිට පෙත්සමකරු වී අලෙවි මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරි තනතුරෙහි කටයුතු කරද්දී පුවත්පත් දැන්වීමක් එම තනතුර සඳහා අයැදුම්පත් කැඳවූ බවත්, ඊට තමාද අයදුම් කළ බවද කියා සිටී.ඉන් වැඩිම ලකුණු ලබා ගත් තමා 2011 අපේ‍්‍රල් 3 වැනිදා සිට ඊට පත් වූ බවත් මූල්‍ය අක‍්‍රමිකතා සිදුකිරීම සහ මහජන මුදල් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් 2015 මාර්තු 19 වැනිදා සේවය අත්හිටවූ බවත්, දැන් අධිකරණයේ ඇප මත සිටින බව් ඔහු සිය පෙත්සමේ සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දකින්නේ මේවා යහපාලනයට නොගැළපෙන වැඩ ලෙසයි. (නි)