
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කරන ප්‍රහාරත් ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාරත් නතර කිරීම සඳහා තුර්කිය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ පකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යවරුන් හෙට (30) පාකිස්තානයේදී මුණ ගැසීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම හමුව තුර්කියේදී පැවැත්වීමට නියමිතව තිබී ඇති නමුත් පසුව එය පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි .
ඊජිප්තු විදේශ අමාත්‍ය ආචාර්ය බද්ර් අබ්දෙලාටි, තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන් සහ සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු දෙදින නිල සංචාරයක් සඳහා ඉස්ලාමාබාද් වෙත පැමිණ ඇති බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
රටවල් හතරේ විදේශ කටයුතු අමාත්‍යවරුන් ගල්ෆ් කලාපයේ වර්තමාන තත්වය සහ ඉරාන යුද්ධය අවසන් කරමින් සටන් විරාමයකට එළැඹීමට ඇති හැකියාව පිළිබඳව එම හමුවේදී සාකච්ඡා කරනු ඇති එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
විදේශ කටයුතු අමාත්‍යවරුන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මුණගැසීමට නියමිත බවත් එහිදී ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා පාකිස්තානය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරුන් සඳහන් කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd