
(සජීවා කෝට්ටගොඩ සහ බංඩාර තල්පත්වැව)
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව කැත්තපහුව ප්රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් මීගලෑව ප්රාදේශීය රෝහලට අයත් ගිලන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මහව මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
කුරුණෑගල දෙස සිට පැමිණි මීගලෑව ප්රාදේශීය රෝහලට අයත් ගිලන් රථය සහ අඹන්පොල දෙස සිට පැමිණි ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ගිලන් රථ රියදුරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ පොතානසියඹලෑව, මීගලෑව ලිපිනයේ පදිංචිව සිටි එච්.එම්. වික්රමරත්න නැමැති පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd