(අංජුල මහික වීරරත්න)

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සාවි යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම සහනය හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දීම බව කී මන්ත්‍රීවරයා දැන් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය උස්සන් යන්න වෙන බව කීය.

"හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදු යැයි ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පුත්තලමේ පැවති ජන හමුවක් අමතමිනි.

මෙතන ඉන්න බහුතරයක් ජනතාව ආණ්ඩුවක් පත් කරගත්තා.ඒ බලාපොරොත්තු ඇතුව. මේ අසීමිත බොරු කියලා බලයට ආපු ආණ්ඩුවක්. බොරු කියලා බලයට ආවා විතරක් නෙමෙයි, බලයේ ඉන්නත් බොරු කියන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.