
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (10) රාත්‍රී නිවේදනය කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින්ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56 කින්ද, ඉහළ දැමූ බවත් නව මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම පැවසීය.ෙ
මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,990 ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,602 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 750 ක් බවට පත් වූ බවද ලිට්‍රෝ සමාගම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදසිට 12.5 kg එකක් 3990/= වුනාම විකිණීමේදී අපි ගෙවියයුතු මුදල කොපමනද කියන්නකෝ... සාමාන්‍යයෙන් නියමිත මිලට ගන්න නොලැබෙන නිසා අහන්නේ...
මේ දවස් වල නැව් එන්නේ නෑ. තියෙන්නේ කලින් තොග, කොහොමද මිල වැඩි වුනේ...