(සුජිත් හේවාජුලිගේ)

ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධානීන්ට පාර්ලිමේන්තුවට හෙට (18) පැමිණෙන ලෙසට දැනුම් දි ඇත.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ  මහතා අද (17) හමුවීමට නියමිතය

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ (16)  කැදවිණ.

ඒ අනුව ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, නලින්ද කුරුකුලසූරිය  මහතා ඇතුළු පිරිසක් එහි පැමිණියහ.

එම සාකච්ඡාවට පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය, මිල කළමණාකරණ අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූහ.