
(අනුදයාරත්න ඇඹෝගම සහ සමන් කේ.ගමගේ)
අනුරාධපුර,තිරප්පනය මාර්ගයේ 117 කිලෝ මිටරය ආසන්නයේ පිහිටි පුංචිකුලම ප්‍රදේශයේදී ක්‍රීකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න මහතා ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටිමෙන් තිරිමාන්න මහතා ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා අද (14)දින අලුයම රෝහල් ගත කළ බව තිරප්පනය පොලිසිය කියයි.
මෙම අනතුරින් ලහිරු තිරිමාන්න මහතාත් ඔහුගේ මවත් රියදුරාත් තුවාල ලැබු අතර ලොරි රථයේ රියදුරාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
ක්‍රීකට් ක්‍රිඩක ලහිරු තිරිමාන්න මහතා ඇතුළු පිරිස නුවර සිට අනුරාධපුරය දෙසට එමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවද පොලිසි පැවසිය.
(ඡායාරූප: සමන් කේ.ගමගේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd