පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ මේ වන විට මල්වත්තක සිරිය ගෙන එන මනස්කාන්ත දර්ශනයක් දැක ගත හැකියි.
ඩොලි කැන්ඩ්‍රා උන්ගුයිස් කැටි යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම වැල බිගෝනියා කුලයට අයත්වේ. බළල් අඩි වැල හෙවත් පුනීල වැල යනුවෙන් ද හඳුන්වයි.
මධ්‍යම හා දකුණු අමරිකාවේද කැරිබියන් දූපත්හීද දැකිය හැකි මෙම මල් වැල ලොව පුරා ආක්‍රමණික ශාඛයක් වී ඇතැයිද කියති.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය හා ශාස්ත්‍ර පීඨය අසල මාර ගස් කිහිපයක එතී ඇති මේ මල්වලට කහ මල් වැල් යන නමද භාවිත කරයි.
පෙබරවාරි මාර්තු හා මැයි ජූනි මාසවල මල් පිපෙන බවත් පේරාදෙණි උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි නානායක්කාර මහතා පවසයි.
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් ටිකේ තියන ලස්සන නිකම්ම නැතුව යනවා මේ ගෑණු ළමයි දැක්කාම (බ)
ලස්සන මල්. ඒ වගේම ලස්සන ගෑනු ළමයි ටික. ඒ අයගේ මූණත් මල් වගේම පිබිදිලා. ඉතින්, අනාගතය ගැන හිතල අනන් මනං නැතුව ජීවිතයත් ලස්සන කරගන්න. සුබ අනාගතයක්! (බ)
ඉසෙඩ් ස්කෝර් එක මදි වුන එක ගැන නොතැවී ඇවිත් රස විඳල යන්න. සරසවිය පරිසරය හැමෝටම විවෘතයි. මේ දවස්වල ගොඩක් අය එනවා.(බ)
සජිත් කලකිරෙන්න එපා යලිත් හොඳට විභාගය ලියල ඇතුළු වෙන්න බලන්න ! ලංකාවේ තියන ස්වභාවධර්මයේ ලස්සනකම මෙම කාන්තාර කොන්ක්‍රීට් ගොඩනැගිලි භූමියේ සිට සිහිපත් කරමි (බ)
අනුර, මොකද දැන් ලංකාවේ ලලනාවෝ දැක්කම අවුල්ද? යුරෝපයේ ඉන්න නිසා සුදු හමට ඇහැ හුරුවෙලා වගෙයි නේද? සියරට දේ අගය කරන්න උත්සහ කරන්න. ඒ ගැහැණු ළමයි ඇත්තටම උදේ පිපුන මල් පොකුරක් වගේ ලස්සනයි. (බ)
මම ගියේ 1981. එතකොටත් මේවා තිබුන. අපි වශී වෙලා හිටියේ. පේරාදෙණියේ ඉගෙනුම අතිශය සුන්දරයි. (බ)
මේ පින්තූරවල ඇති සියලුම මල්වල ඇත්තේ ස්වභාවික ලස්සනකි. සුන්දරත්වයකි.(බ)
මල් ටික නම් හරි ලස්සනයි. (ර)
ආක්‍රමණිකයෙක් මේතරම් ලස්සන වුණේ කොහොමද කියලා හිතුනා (නි)
මාර ලස්සන මල්ටික. මොනවා කරන්නද z ස්කෝර් එක මදිවුනානේ.... (ර)
පේරේ... එක කාලයක ඇති මනස්කාන්තය මෙයයි. දෑසින් දැකීම විශ්මයකාන්තයි. ඒවා පෙනෙනේ රූරා අහසින් වැටෙන මල් දිය ඇලි ලෙසට. (ර)
මල්ද, ගැහැණු ළමයි ටිකද වැඩිය ලස්සන? (නි)
මේ වර්නාන්විත වැලෙන්වත් අවට සිටින සොඳුරු සිසුවියන්ගේන්වත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සුන්දරත්වයක් එකතු කල නොහැකි බව මගේ අදහසයි. කලකට පෙර ලෝකප්‍රකට සරසවියක් වූ මෙය අද ලෝක දර්ශක වල නැත. මහා පඬිරුවනන්ගේ තෝතැන්නක් වූ මෙහි අද එවැන්නන් සිටිනවාද? එකිනෙකාගේ පිට කසා ගනිමින් නැයන්ව විදේශ ශිෂ්‍යත්ව වලට යවමින්, ලංකාව තුලම පශ්චාත් උපාධි ලබා මහතැන් වලට පනිමින් සිටින මහඇදුරන් බහුල රටක සරසවියක් මෙවන් බාහිර දේවල් මගින් අලංකාර වේද? (ර)
මල් ටික හරිම ලස්සනයි. ළමයි නම් අන්තිමයි (නි)
මොනතරම් ලස්සනක්ද? (නි)
ඇත්තෙන්ම හරිම ලස්සනයි. (නි)
මල් ලස්සනයි. ඒත් පරවීයනු නියතයි. කෙටිකාලීන සුන්දරත්වය බොහෝ දෙනා වශීකර අැත. සරසවි පෙම්වතුන්ට මේ දවස් අතිවිශේෂ වනවාට සැකයක් නැත (නි)
අනුර කුමාරගේ කතාව රවීන්ද්‍රට තේරිලා නැහැ හරියට. මල් වලට වඩා මේ ගැහැණු ළමයි ලස්සනයි කියලයි එයා කියන්නේ (නි)
අර අන්තිම පින්තූරය දැක්කහම මොකද්ද හිතෙන්නේ? (නි)
කියලා වැඩක් නැහැ, නැවත කැම්පස් යන්න හිතෙනවා ! (නි)
පුදුමාකාර ලස්සනක් (නි)