මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට සොයමින් සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතන බව පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධ සාක්ෂි විභාගයේ දී අනාවරණය වූ පරිදි මෙම සැකකරුගේ සිතුවමක් පොලිස් චිත්රශිල්පීන් විසින් සිතුවමට නගා තිබිණි. එලෙස සිතුවමට නැගීමෙන් පසු මීට පෙර මාධ්‍යවෙත නිකුත් කරනු ලැබූ සිතුවමක් යළි නිකුත් කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබ සිටියි. පොලිසිය පවසන්නේ මේ සැකකරු වයස අවුරුදු 35ක් පමණ හා උසින් අඩි පහයි අඟල් අටක් පමණ විය හැකි බවයි.
අදාළ පුද්ගලයා ගැන යම් තොරතුරක් ඇත්නම් 0112 422 176, 0112 380 380, 0718 305 528, 0718 349 505, 0773 291 500, 0718 070 207 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම සිතුවම සමග මින් පෙර තවත් සැකකරුවකුගේ සිතුවමක් පොලිසිය විසින් මාධ්‍යවලට මින්පෙර නිකුත් කරනු ලැබූ අතර අනෙක් සැකකරුවා අත්අඩංගුවට ගැනීම හැකියාව ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත රුපයේ කන්නාඩි දෙක, රැවුල නැහැනේ? (බ)
මෑතකදී ප්‍රභලයෙක් කිව්වා ලසන්ත ඝාතන පරීක්ෂණ මෙන්ම වසීම් තාජුඩීන්ගේ ඝාතන පරීක්ෂණ යට ගිහිල්ලා කියලා. යහපාලනයට නිසි තේරුම මේ යටගැහීම් වලින් පැහැදිලිවම නිර්වචනය වෙනකොට 2005 සිට 2015 දක්වා තිබුනෙත් යහපාලනයක් නිසා ඔන්න ඔහේ ඔය සිද්ධි ටික වළදමා රිදුම්දෙන අතීතයත් වළදාමු. (නි)
පිටිගල, ඇයි ටයි එකත් නැහැනේ? (බ)
මට නම් හිතෙන්නේ අපරාධයක් කර කිසිදා සැඟවී සිටිය නොහැකි බවයි (නි)
පොලීසියට විස්තර හොයලා දුන්නොත් අර ඊනිව්ස් මහත්තයට වගේ උසාවි යන්න වෙයිද? (නි)
මේවට උසාවියට අපහාස කළා කියලා වරෙන්තු ඒවිද දන්නේ නැහැ (නි)
මරපු අය දැන් දැන් පිස්සු නටනවා.අනේ මන්දා මේවා? (නි)
ඇයි මහජන සහය පතන්නේ. ඔහු නිදැල්ලේනේ ඉන්නේ (ම)
මේ නාඩගම් දැන් අහලම දැකලම එපාම එපාවෙලා. අනේ! රටට වැඩක් ඇති දෙයක් කරන්න පටන් ගන්නකො. (නි)
අපෝ දැනගත්තත් මේවට උත්තර දෙන්න යන්නෙ නැහැ. (නි)
මාක්ස් වනසිංහ කියලා ඔය ලියලා තියෙන්නේ. තවත් මොනවද ඕනෑ. (හේ)
අනේ මන්දා මේවට කොච්චර කල්යයිද කියලා (නි)
එක සැකකරුවෙකු අත්අඩංගුවේ නම් අනෙකා කවුද කියා අල්ලාගත් කෙනා දන්නවා. මේවාට තමයි කියන්නේ " ලිහා බැලූ මල්ල නැවත ඔබා බලනවා" කියලා. ගහන්න තියන තුරුම්පු ඉවර කරගෙන දැන් අමාරුවේ වැටිලා ඡන්දෙට පෙර ගැළවෙන්න මොනවාහරි හොයනවා. (නි)
අනේ! ඕවට උත්තර දෙන්න ගිහිල්ලා මටත් දාවි රතු වරෙන්තුවක්. මම දන්නවා වුණත් කියන්නේ නැහැ. (නි)
ප්‍රශ්නයක් තිබෙනවා? හඳුනාගැනීමට පෙර රූපයක් පළකලා කියලා මාධ්‍යවේදියෙකුට රතු වරෙන්තුවක් දුන්නා නේද? එතකොට දැන් මේ පළකල රූපය? කවුද ලංකාවේ මේ හතරබීරි නීති හදන්නේ? (නි)
මේවා ඔක්කොම දේශපාලන සෙල්ම්. සාධාරණය ඉෂ්ටවීම දකින්න ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන් හැර නීතියෙන් කෙරෙන දෙයින් නොවේ. (නි)
මාක්ස් වනසිංහ කියන්නේ මම හිතන විදිහට පින්තූරය ඇඳපු කෙනා. (නි)