(නිමන්ති රණසිංහ)
සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි සැඟවීම සහ සාක්කි අස්ථානගත කළැයි මාස පහකට අධික කාලයක් රක්ෂිත භාරයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිමෙවන් ප‍්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිස්ස සුමනපාල යන මහත්වරු ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.
එක් අයකුට රුපියල් 50,000/- බැගින් සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
මෙම සිද්ධියට අදාළව මාස පහක පමණ කාලයක් රක්ෂිත බාරයේ සිටි සැකකරුවන් දෙදෙනා සම්බන්ධ ඇප නියෝගය නිකුත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය.
එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළ අධිකරණය ශරීර ඇප සඳහා සැකකරුවන්ගේ සමීප ඥාතීන් දෙදෙනකු ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා සිය නිවසේ සිට කාර්යාලය බලා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්තිඩිය කවුඩාන මාර්ගයේ දී ඝාතනයට ලක්වූයේ ඉකුත් 2009 ජනවාරි 8 වැනිදාය. එසේම, අධිකරණය මගින් සැකකරුවන් දෙදෙනා වෙත ඇප නියම කරනු ලැබුවද, ඇප කොන්දේසි සපුරාගත නොහැකිව සැකකරුවන් දෙදෙනා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු පෙණීනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද දේශපාලන හස්තයෙන් සිදුකෙරෙන මිනීමැරුම් අපරාධ සැඟවෙන්න නීතිය උදව් කරන ආකාරය. මෙපමණ සාක්ෂි තිබිලත් අගතියට පත් පාර්ශවයට සාධාරණය ඉෂ්ට නොකෙරෙන හැටි ? යනවිධියට මෙයත් අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න යන තවත් අපරාධයක්.
අහෝ අනේ අපොයි පුදුම නීතියක් තියෙන ලංකාවක් ?