(යොහාන් භාසුර)
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැපයූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 30 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ඇතුළත්ව සිටින බවත් එම සංචිතය පසුගිය සිකුරාදා (23) ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යොමුකර තිබුණ බවත් දැනගන්නට ලැබේ. එහෙත් මෙම සංචිතයට අද සවස් වරුව දක්වා අනුමැතිය ලැබී නොතිබුණි.
සම්පූර්ණ වාර්තාව සඳහා http://kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද යහපාලනය? පුද්ගලයෙකුට සාධාරණව අදහස් ප්‍රකාශ කරන්න බැරිද? ලසිත් මාලිංග කිව්වේ සම්පූර්ණ ඇත්ත. ඇත්ත කිව්ව නිසාද විනය පරීක්ෂණ තියන්නේ. මහ ලොකුවට කියන්නේ නම් දැන් ඉස්සරට වඩා නිදහස තියෙනවා කියලයි. ලෝක කුසලානය දිනපු නායකයාගේත් බඩ තිබුණා. නමුත් ලෝක කුසලානය දිනුවා.
ඇමැති දයාසිරි මහත්තයානේ මුලින්ම පටලවා ගත්තේ .... ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් ක්‍රීඩා එතුමාට තිබුණා නම් ඒ ගැන කතා කල යුතු වන්නේ ක්‍රිකට් ආයතනය තුල මිසක් මාධ්‍ය ඉදිරියේවත් පර්ලිමෙන්තුවේවත් නෙවෙයි. ඒකට මාලිංග දුන්නු පිළිතුර වරදක් නෙවෙයො. කාටත් තියෙනවා ආත්ම ගරුත්වයක්. මාලිංගව ටීම් එකෙන් කපන්න ආවොත් ජනතාවගෙන් කැපෙන්නේ දයාසිරි ඇමතිතුමාවයි. ක්‍රීඩකයන් ඇමතිතුමාට ගොට්ට අල්ලනවා නම් විතරක් ටීම් එකට ගන්න සම්ප්රදාය තිබුණොත් ලංකාවේ ක්‍රීඩාවට දෙයියන්ගේම පිහිටයි...
ක්‍රීඩකයන්ට අපහාස කලාට ඇමතිවරයාට මොකුත් විනය පරීක්ෂණයක් නැද්ද?
මෙයා හොර ඇමතියෙක්, මෙයා දන්නා ක්‍රිකට් එකක් නෑ,මෛයාට කියන්න කුරුණෑගල කුඹුරු කොටන්න යන්න කියාලා. හිටපු එකාවගේ මෙයත් ක්‍රිකට් ක්‍රීඩාව කන්න තමා හදන්නේ.
ඇමතිට විරුද්ධවයි විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ. එයාට අයිතියක් නෑ ක්‍රීඩකයන්ට අපහාස කරන්න.
මාලිංග කියන්නේ නියම කොන්ද පන තියෙන කොල්ලෙක්. දයාසිරිලා යැපෙන්නේ ජනතාවගේ චන්දෙන්, නමුත් මලින්ද යැපෙන්නේ මාලිංගගේ දක්ෂතාවයෙන් කියල දයාසිරි තේරුන් ගත්තොත් හොඳය.
ඇත්ත තමයි ලසිත් මාලිංග කිවුවේ ගිරව් එලියට ඇදල දාලා රිලව් බෙනය ඇතුලට රිංගලා මෙහෙම ගියොත්නම් අපිට 2020 ලෝක කුසලානයට සහබාගි වෙන්නත් බැරිවේවි.
මෝඩ ගිරවට දැන් රිළවා ළග දන ගහන්න වුණා.
ක්‍රිකට් ටීම්එකේ තරම දැන් පේනව හොදට
අර හරින් ඇමතිතුමා වගේ කන හරහා දෙකක් දුන්නනම් මාලිනගටත් කිසි ප්‍රස්නයක් නැතුව ඉන්න තිබුන. මාලිංග ඊට වඩා සංවර වුනානේ. මාලිංග අත ඉස්සුවනම් මිනිහගේ කන ගෙන්න වෙනවා.
දයා සොරි දන්න කිරිකොස්.
තමන් දරන දේශපාලන අරමුණු නිසා මෙහි මාලිංගට ආවඩන උදවිය කරන්නේ ලංකාවේ ක්‍රීඩාව වලපල්ලට යාමට උඩ ගෙඩි දීමක්.... ඕනෑම ක්‍රීඩාවක විනය නීති මාලාවක් ඇති අතර ක්‍රීඩකයන් පරිපාලනට යටත් විය යුතු වෙනවා.
එක්දහස් නමසිය අනූගණන් වල ලංකාවේ දේශපාලකයන් ක්‍රිකට් ක්‍රීඩාවට මෙතරම් ඇඟිලි ගැහුවේ නැහැ. හොඳම උදාහරණය අර්ජුන රණතුංග මහත්මයාගේ පියා ශ්‍රී.ල.නි.පෙ. ප්‍රබල දේශපාලකයෙක්... නමුත් රටේ තිබුනේ එ.ජා.ප ආණ්ඩුවක්.... ක්‍රීඩකයොත් මේ වගේ මුදල් පසු පස දිවුවේ නැහැ... විනය ඉහලින් පැවතුණා දැන් වගේ නෙවේ. ඔවුන් ලෝක ශුරතාවය දිනුවා. දැන් සියල්ල කණපිට පෙරලි ඇත. අපට සිදුවන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙන් දශක 2-3 ක් බලන් ඉන්න තමයි.
ඇමතිතුමාට විනය පරීක්ෂණයක් තිබ්බොත් නරකද? මේකට කියන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා කියලා නේද?
ක්‍රිකට් ගහන අයටයි, පුහුණු කරන අයටයි, තේරීම් කමිටුවටයි ක්‍රිකට් වැඩ කරන්න දීලා, මේ දේශපාලකයෝ තමන්ගේ බඩ වඩාගන්න දේශපාලනය කළානම් ඉවරයිනේ....