ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙනී සිටි මුහුණට මුහුණ තබා ආචාර සමාචාර කරන ලෙස්ටර්ගේ පින්තූරය වෙනුවට කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ගේ ඡායාරූපය සහිත පින්තූරය විද්‍යුත් මාධ්‍යයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලදැයිද එය කූඨ ලේඛනයක් යැයි ද සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත අද (8) පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කළේය. ලබන 13 වැනිදාට එම පැමිණිල්ල කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, කවූද නළු නිලියෝ? (ර)
මෙවැනි දූෂණ කරන අය බලයට පත්වූවිට මොනවා නොකරාවිද? අපේ රටට දෙවියන්ගේම පිහිටයි!! (නි)
බන්දුල පෙරේරා පඬිතුමාගේ අවසාන අදහස ඔබට මේ පිටුවෙහි දැකගත හැකිය.සුභ අනාගතයක්! (නි)
හරි දැන් එතකොට ආවේ නැති සජිත් ආවා ආවා කියමින් රටටම පෙන්නපු එකට මොකද වෙන්නේ . (ස)
දෙපැත්තේම නඩු හබ ටික ඉවර වෙනකොට ඊළඟ ජනාධිපතිවරණයටත් කිට්ටු වෙලා තියේවි. (ස)
13 තෙක් හිටිය එක හොදයි. ප්‍රතිපල දැනගෙනම තීන්දුව දෙන්න පුළුවන් . හෙට අපි කියන්නම් මොකද වෙන්නේ කියල. (ස)
ලංකාවේ ලොකුම ප්‍රශ්නය :( කලාකාරයෝ කට්ටියකට ගල් ගහනකොට නිල් බලකායෙන්වත් ,ආණ්ඩුවෙන් කවුරුවත්වත් නෙවෙයි එහෙම ගල් ගැහුවෙ කියල කීවේ .. උන වැරැද්දට චම්පික සමාව අරන් තියෙනකොටත් ඒක පස්සෙම එලවනව !! චම්පික නෙවෙයි ඒක එඩිට් කලේ. නෙට් එකේ කාලයත් තිස්සෙ තිබුන එකක් කියල කියල තියෙනකොටත් ඒක පස්සෙ පන්නනව .. කේ පීට අගෞරවයක් උනා කියලද දන්නෙ නෑ. දුකයි. (ස)
අපිට නම් ඡායාරූපයවත් ඉන් අදහස් කළදේවත් නෙමෙයි ගැටලුව.අපි ආදරය කළ, ගරුකළ මිනිසෙක් අද වැටිලා ඉන්න පහත්ම පහත් තත්ත්වය.කණගාටුයි චම්පික මැතිතුමනි.ඔබට සුභ අනාගතයක්! (නි)
සියල්ලන්ටම මෙත්සිත් පහළ වේවා! (නි)
කවුරු එඩිට් කළත්, කවුරු අන්තර්ජාලයට දැම්මත්, චම්පික වගේ චරිතයක් ඒක කළේ ද්වේශයෙන් බව අපිට හිතෙනවා. පස්සෙ මොනවා කිවුවත් නීතිය ඉදිරියේ වගකීම නැතිවෙන්නෙ නැහැ (නි)
සමහරුන්ට අතීතය වර්තමානය අමතකවෙලා වගෙයි. (නි)