(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවෙන් 1977 වසරේ ගෙනගොස් මේ වන විට කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව ජීවත්වන ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා හෙට (16) දැවැන්ත පා ගමනක් පවත්වන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ පැවසූහ.
මෙම පාගමන කොල්ලුපිටිය වාලුකාරාමයෙන් පස්වරු 3.15 ට ආරම්භ කර කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය දක්වා ගොස් ඒ වෙත සංදේශයක් භාරදීමට සැලසුම් කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
කුඩා පැටවකුව සිටියදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් 1977 වසරේ දී ජර්මානු ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමෙන් පසු එම ව්‍යාපාරිකයා විසින් ඇමෙරිකානු ඩොලර් 9789 ක මුදලකට කැනඩාවේ සත්වෝද්‍යානයට මෙම සත්වයා විකුණා ඇතැයි ද සෝභිත හිමියෝ කීහ.
මේ වන විට එම සත්වයා කොන්ක්‍රීට්වලින් වට වූ තමාට කිසිසේත් නොගැලපෙන ශීත පරිසරයක කල් ගෙවන බවත්, වසර 44 ක කාලයක් තිස්සේ දුක්ඛිත ජීවිතයක් ගත කරන ලුසීට දැන්වත් නිදහස් පරිසරයක් උරුම විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ ලංකාවේ ඉන්න අලි බේරාගැනීමට බැරිව අපි දුක් වෙනවා...ලුසී බේරාගැනීමට ඉස්සෙල්ලා ලංකාවේ ඉන්නඅලි බේරා ගැනීමටහැකි දෙයක් කරන්න...
මම නම් හිතන්නේ නැහැ කැනඩාව වගේ රටක එහෙම වෙනවා කියලා. අපිට වුණත් ඔය රටට යන්න කොච්චර අමාරුද?
කෝට්ටේ රජමහා විහාරේ දම්වල් වලින් බැඳ දුක් විඳින අලි ඇතුන් ඔබ දැක ඇති. අවිහිංසාව දේශනා කරන පන්සලේ බුදුදහමට පටහැනි සත්ව හිංසාවේ යෙදෙන්නේ කොහොමද? දහම් පාසලට එන ළමයින්ට, සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න කියලා උගන්නන්න පුළුවන්ද? ලැජ්ජයි මේ වැඩ... බොහෝ ලොකු පන්සල්වල කෙරුවාව ඔහොමයි.
මොන විගඩමක් හරි නටලා කොහෙන් හරි කමක් නැහැ. කොහෙවත් ඉන්න අලියෙකුත් මංකොල්ල කන්න වෙන්න ඇති මොවුන් මේ සැරසෙන්නේ... අලි විතරක් නෙමේ, මේ රටේ මිනිස්සුන්වත් ගහලා පන්නන්නයි ඕනෑ ඒ රටවලින්. හරි නම් මොවුන් උත්සාහ කරන්න ඕනෑ අර මැදපෙරදිග අනාථ වෙලා සිටින තමන්ගේ රටේ ශ්‍රී ලාංකික කාන්තාවන් මේ රටට ගෙන්වා ගන්න නේද? කොහෙද ඉතින් අම්මෙක් අප්පෙක් හඳුනන එකක්යැ ඒ වගේ මානුෂීය හැගීම් ඇතිවෙන්න.
මෙහෙ පන්සල්වල, දේවාල වල ඉන්න අලි හරිම සතුටින් ඉන්නේ... කැනඩාවේ ඇතා විතරයි දුකින් ඉන්නේ.. ඉස්සරහට තවත් කැලෑ අලින්ට පන්සල්, දේවාලවලට ඇවිත් හොඳ ජීවිතයක් ගතකරන්න අවස්ථාව ලැබෙන හැඩක් තියෙනවා.. අපේ හාමුදුරුවෝ කැනඩාවේ අලියට පිහිටවීම ගැන ස්තූතියි.
ලංකාවේ අලි ඇතුන් ඉන්න පන්සල්වල ඒ සත්තු විඳින දුක කාටවත් පෙනෙන්නේ නැත්තේ ඇයි..? යකඩ දම්වැල්වලට කැපිලා කකුල් කුණුවෙලා ඉන්න සත්තු කොච්චර ඉන්නවද? ඒ සතුන්ගේ ෆොටෝ එකක්වත් ගන්න දෙන්නේ නෑ. බුදුන් වහන්සේ දෙසූ අවිහිංසාවාදී දහමේ මෙවන් දේවල් නැහැ.
අපේ හාමුදුරුවරු කණ්ඩායමක් ළඟදී ජනාධිපති හම්බවෙලා ඉල්ලුවා නේද වල්අලි අල්ලලා පන්සල්වලට දෙන්න කියලා? කැනඩාවේ අලියට තියන කරුණාව ඇයි අපේ සත්තුන්ට නැත්තේ?
වෙන කොහෙවත් ඉන්න අලි ගැන හිතන්න කලින් ලංකාවෙ හිරකරගෙන වද දිදී ඉන්න අලි ගැන හිතුවොත් හොදයි නේද?
දැන් කතාව තියෙන්නේ ඉන්න අලි පෙරහැර වලට මදි ඒ නිසා කැලෙන් තව අල්ලන්න ඕන කියල නේද?