IMG-LOGO

ලිස්ට් එකෙන් කැපී ගිය නම්තුනේ දිය ඇල්ල

2016-11-18-ent-48

අද අපි යන්නේ වෙනස් දිය ඇල්ලක් බලන්න. මේක ලංකාවේ දියඇලි නාමාවලියෙත් නෑලු. හැබැයි මේ ඡායාරූප දැක්කාම ඔබට හිතෙනවා ඇති මේක අපූරු ඇල්ලක් කියලා. එතැනට ගිහින් ඇල්ල දිහා බලාගෙන හිටිය අපිට තේරුම් ගියෙත් ඒකම තමයි. මේ ඇල්ලට නම් තුනක් තියෙනවා. එකක් සුදුගල ඇල්ල. අනෙක ගල්පොත්ත ඇල්ල. ඒ වගේම ලංකාවේ ලස්සන සුන්දර දේවල්වලට ඉංග්‍රීසි නම් ඔබ්බවාගෙන ගිය අතීතයක් තියෙන නිසා මේකටත් ඉංග්‍රීසි නමක් තියෙනවා. ඒ මේ ඇල්ලට ඉහළින් පිහිටලා තියෙන හයිට්න්ෆෝර්ඩ් දුම්රිය ස්ථානය නිසා මේකට හයිට්න්ෆෝර්ඩ් ඇල්ල කියලත් කියනවා. මේ නම් තුනෙන්ම හඳුන්වන අපූරු දිය ඇල්ල තමයි අද අපේ කතාව.

2016-11-18-ent-46මේකට ඇයි දියඇල්ලක් කියලා කියන්න බෑ කියන එකත් සාධාරණ ප්‍රශ්නයක්. දවසක් අපි walk121 වලදි කිව්වා වගේ ඇල්ලක උස මනින්නේ නිදහසේ බාහිර වස්තුවක ගැටීමෙන් තොරව පහළට වැටෙන දිය බිඳුවක් කොච්චර උසක් වැටෙනවාද කියන එක මගින්. මේ දිය ඇල්ල දැකපු ගමන් ඔබට වැටහෙන්න ඕනෑ මේ ඇල්ලේ එක මීටරයක්වත් දිය බිඳුවක් නිදහසේ පහළට වැටෙන්නේ නෑ කියලා. මේ ඇල්ල නිර්මාණය වෙන්නේ ඇලවූ ගල් තලයක් හරහා මීටර් 70ක පමණ දුරක් ජලපහරක් ගලාගෙන යාම නිසා. මේ ගලාගෙන එන දියපහරට ඒ ගම්පළාතේ උදවිය නම් කියන්නේ මස්කිනා ඔය කියලා. මේ ඔය තවත් ඉදිරියට ගියාම හමුවෙන්නේ මහවැලි ගඟ. ඊටකලින් ඉඟුරු ඔයත් එක්ක එකතුවෙනවා. නාවලපිටියේදී මහවැලියත් එක්ක අතිනත අරගෙන මහා ගමනක් ආරම්භ කරනවා.

මේ ඇල්ල බලන්න යන්න තියෙන්නේ නාවලපිටියට ගිහින් එතැනින් දේකින්ද මාර්ගය ඔස්සේ ඉදිරියට යන්නට ඕනෑ. මේ මාර්ගයේම තමයි ඔබ ගල්බොඩ ඇල්ල බලන්න යනවා නම් යන්නත් ඕනෑ. ඒ ඇල්ල පිහිටලා තියෙන්නේ මේ සුදුගඟ ඇල්ලටත් තව කිලෝමීටර් කිහිපයක් ඉදිරියෙන්. නාවලපිටිය ප්‍රදේශයේ සංචාරය කරන ඔබ මේ අපූරු ස්ථානට බලන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ඇල්ල පාමුල තියෙන්නේ ප්‍රදේශයේ ගම්වැසියන් දිය නාන තොටුපොළ. ඒ නිසා මෙහි සංචාරය කරන අයටත් ආරක්ෂිතව එතැනින් දියනාගන්න පුළුවන්.

 

I ප්‍රසාද්

 

2016-11-18-ent-53
2016-11-18-ent-52
2016-11-18-ent-51
2016-11-18-ent-50
2016-11-18-ent-49
2016-11-18-ent-47



අදහස් (0)

ලිස්ට් එකෙන් කැපී ගිය නම්තුනේ දිය ඇල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site