ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර බෞද්ධ විහාරයේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල නිරාවරණය කිරීම හා විහාර මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් දෙදින පිංකම ලබන සිකුරාදා (15) ඇරැඹේ.

නව චෛත්‍යයේ නිධන් කිරීම සඳහා වන සර්වඥ ධාතු කරඬුව මෛත්‍රීපාල සිරිසේන ජනපති, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කොට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියනට පසුගිය දා පිරිනැමීය.

කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ද, පැලවත්තේ පුඤ්ඤරතන හිමියෝ ද, දායක සභාවේ චන්ද්‍රසිරි පෙරේරා මහතා ද මේ අවස්ථාවට සහභාගී වූහ.

ලොස්ඇන්ජලීස් නුවර පදිංචි පී ඇම් සරත්චන්ද්‍ර හා කුමාරි සරත්චන්ද්‍රගේ අනුග්‍රහයෙන් ලොස් ඇන්ජලීස් පන්සල 1992 දී ඇරැඹිණි.

52