ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නොදන්වා විදුලිය කපා හැරීමේ සැලැස්මක් පිළිබඳ නිවේදනයක් වෙබ් අඩවියේ පළ කිරීම පිළිබඳව සතියක් ඇතුළත නිදහසට කරුණු කියන්නැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සාලිය මැතිව් මහතා ලංවිම සාමාන්‍යාධිකාරී එම්.සී.වික්‍රමසේකර මහතාට දැනුම් දී ඇත.
පවතින නීති රීතිවලට අනුව විදුලිය කපා හැරීම සඳහා තීන්දුවක් ගැනීමේදී හා මහජනතාවට දැනුම්දීමේදී මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ගැනීම අනිවාර්යවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බොරු නොකර වැඩක් ඇති ක්‍රියා මාර්ග ගන්න. විදුලි ඉංජිනේරුවන්ට වඩා දන්නා අය ඉන්නවනම් එයාලට එම තැන්වල වැඩ බාර දෙන්න. දේශපාලකයන්ගේ ඕන-එපාකම් කරලා රට අගාදයට දාන්න එපා. (බ)
ඔන්න ඔහොම ඉන්න එපාය. මහාචාර්ය තිස්ස විතාරණ පෙන්වා දීල තිබුණ ලංවිම ඉංජිනේරු ඒකාධිකාරය ගැන. හඳුන්නෙත්ති මන්තිතුමා කෝප් සභාපති හැටියට නිසි පියවර අරන් තිබුන. දැන් මෙතුමාත් අවශ්‍ය පියවර ගන්න බව පේනවා. රටක් හරි මග යවන්න නම් ඒ ඒ කටයුතු බාර ආයතන ප්‍රධානීන් (පාර්ලිමේන්තුවට වගකියන) නිර්භය තීරණ ගත යුතුයි. (බ)
ඔයිට කලින් නිදහසට කරුණු අහනවා එට්කා ගිවිසුම ගැන. (හේ)
මේ විදියට විදුලි බලය බිඳවැටෙනවා නම්, මොන රටක් එක්ක හරි ගිවිසුමක් ගහලා විදුලි ඉංජිනේරුවෝ රටින් ගෙනාවත් කමක් නැහැ. මෙයාල සතු දේපල මෙයාලට නඩත්තු කරලා ආරක්ෂා කරන්න බැරි නම් වැඩක් නැහැනේ. (නි)
මේ විදුලි බල මණ්ඩලයේ තිබෙන විදුලි ඉංජිනේරු ආධිපත්‍යයක් හරියටම කියනවා නම් අර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ. (නි)