
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පනදම් කරගත් දිරිදීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයට බඳවාගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට පවතින සේවකයන් 26,000 ක සේවක ලැයිස්තුව සංශෝධන කරන බව ද අමාත්‍යවරයා කීය.
විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සමඟ කළ සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළඹි බව කී අමාත්‍යවරයා එහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණවල ව්‍යූහය, විවිධ කාර්යන් ක්‍රියාත්මක කිරීමේ කාලය, අනුප්‍රාප්තික සමාගම්වල පැමිණීම, සේවක කළමනාකරණය, වැටුප් ව්‍යූහය, ඉදිරි ප්‍රතිපත්ති සහ සෙසු කළමනාකරණ තීරණ පිළිබඳව එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් හරි උගතෙක් වගේනෙ පෙනී සිටින්නේ. විද්‍යුතය ගැන දන්න දෙයක් නැහැ.
ඒ පාර එයාලටත් පඩි මදිලු ද? එහෙනම් ඉතින් රජයේ සේවකයො පාරට බහින එක පුදුමයක්යැ
මනු කියවන්නාට ගෙදර ඉඳන් මීටර් කියවන්න ක්‍රමයක් හදලා දෙන්න. නෝනලාට බෑග් සපත්තු ගන්න මාස් පතා දීමනාවක් වැටුපට දෙන්න. සේවකයින් ගන්න ණය වල පොලිය කෙලින්ම ජනතාවගේ විදුලි බිලට ඇතුළත් කරන්න.