IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ලබන මාසයේ උඩු ගුවනට

ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරිමට ඉන්දියානු තරුණයකු සමත් වි ඇතැයි වාර්තා වේ.

අවුරුදු 18ක් වයසැති රිෆාත් ෂාරුක් විසින් නිපදවා ඇති මෙම චන්ද්‍රිකාව එළැඹෙන ජුනි මාසයේ නාසා ආයතනය විසින් කක්ෂගත කිරීමට නියමිතව ඇත. 

නාසා ආයතනය අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ තරගයකින් ග්‍රෑම් 64ක් බරැති රිෆාත්ගේ සැහැල්ලු චන්ද්‍රිකාව ජයග්‍රහණය කර ඇති අතර ඉන්දියාවේ අභ්‍යාවකාශ විද්‍යාවේ දියුණුවට පුරෝගාමී වූ ජනපති අබ්දුල් කලාම්ගේ නමින් කලාම්සැට් ලෙස චන්ද්‍රිකාව නම් කර ඇත.  
 
තමිල්නාඩුවේ කුඩා නගරයක උපත ලැබූ රිෆාත් ඉන්දියානු දරුවන්ගේ විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම සඳහා වන ආයතනයක ප්‍රධාන විද්‍යාඥයෙකු ලෙස දැනට සේවය කරයි.

රිෆාත් වයස අවුරුදු 15දී කාලගුණික සංඥා නිකුත් කරන හීලියම් බැලූනයක් නිපදවා තරුණ විද්‍යාඥයින් සඳහා වන ජාතික තරගයකින් ද ජයග්‍රහණය කර ඇත.
 
(බී බී සී පුවත් ඇසුරිණි-085)



අදහස් (13)

ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ලබන මාසයේ උඩු ගුවනට

janaka Tuesday, 16 May 2017 08:19 AM

ඔබ කරපු වැඩේ හොඳයි..

:       0       14

ජෝති Tuesday, 16 May 2017 10:21 AM

ජීවන මඟ දිනුම වෙත ගත් අභියෝගෙයි.. නොපසුබටව නිර්මාණයේ හැකියාවයි.. දුක් කරදර මැදින් නොසැලී ගිය රාවෙයි.. තරුණ වියේ ඔබේ දස්කම් හරිපුදුමයි...

:       0       8

kumar (galf) Tuesday, 16 May 2017 11:43 AM

මේක අපේ ළමයින්ට කීවානම් කැටපලයකින් අභ්‍යවකාෂයට විදීවී.

:       11       221

සෙනෙවිරත්න Tuesday, 16 May 2017 11:09 PM

මේ ළමයට නම තියන්න ඇත්තේ ඝන පිහිටුවල වෙන්න ඇති, අකුරු කියන්න ඇත්තේ ගන දෙවි පිලිමයක් ලග වෙන්න ඕන, බොධිපූජා තියන ඇති, පිරිත්නූල් ඇති තරම් බඳින්න ඇති. මෙම නිර්මාන කරන්න රාහු කාලය මග හරින්න ඇති ඒකයි මෙහෙම නිර්මානශීලි අයෙක් වෙන්න ඇත්තේ!

:       6       16

roshanFriday, 19 May 2017 03:54 AM

එයත් අදහන ආගමක් ඇති. අනුන්ගේ විශ්වාස වලට ගරහන්නේ මානසික රෝගීන්. තමන් කැමතිනං නොකර ඉන්න පුළුවන්.

:       101       109

lalith Wednesday, 17 May 2017 12:56 AM

අර මෙහාට ආපු හෙලිකොප්ටරේ වගේ එකක් නෙමෙයි නේද?

:       1       0

Shanaka Wednesday, 17 May 2017 01:26 AM

කුමාර හෙන මෝඩ කතාවක් කියල අයියෝ

:       0       3

madu Wednesday, 17 May 2017 02:28 AM

නියම කොල්ලෙක්

:       0       1

nalaka Wednesday, 17 May 2017 06:52 AM

අපරාදේ කලින් තිබ්බ නම් ඔකේ ලංකාවේ කොඩිය ගහලම යවන්න තිබ්බ රෝහිතට කියල අඩු ගානට ඔය වගේ එව්වා සීයක් විතර හදල යවන්න තිබ්බ

:       0       2

චතුර Thursday, 18 May 2017 12:02 AM

ඕක හදන්න උපදෙස් ගත්තේ මගෙන්. සාක්කි එකක් ඔප්පු කරන්න පුළුවන් ඊ-මේල් පණිවුඩ තාම මගේ ලග තියනවා.

:       0       4

Nipun Sunday, 21 May 2017 02:27 AM

ඔබ වැනි අය තවතවත් බිහිවේවායි මම ප්‍රාර්ථනා කරමි...

:       0       0

Nipun Sunday, 21 May 2017 02:27 AM

විද්‍යාවේ දියුණුවට අත හිත දෙන ඔබ වැනි අය තවතවත් බිහිවේවා...!!!

:       0       1

nishantha Monday, 22 May 2017 09:56 AM

මෙහි සෙනෙවිරත්න මහත්තයා දරන මතය අනුව අපේ රටේ බහුතර මතය නිසාවෙන් අපි දිනෙන් දින වලපල්ලට යන බව කිවයුතුය. ඉන්දියාව අද ටිකින් ටික ආගම වැනි මිත්‍යා විශ්වාස වලින් බැහැරව අධ්‍යාපනයේ හිනි පෙත්තට නගිමින් තිබේ. දුපත් මානසිකත්වයෙන් මිදී අධ්‍යාපනයේ මල් ඵල නෙලන්න ලංකාවට තව අවුරුදු සිය ගණනක් වත් යාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site