ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘‘මහින්ද චින්තන ලොව දිනන මඟ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්විය.
තම මීළඟ ධූර කාලයේ වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය.
තමා විවිධ පාර්ශව සමඟ ගිවිසුම් රාශියක් අත්සන් කර නැතැයි කී ජනාධිපති තමාට ඇති එකම ගිවිසුම මහින්ද චින්තනය පමණක් යැයිද පැවසුවේය.
ජනපතිවරයාගේ ප්‍රතිපත්ති මාලාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්, පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක්, සදාචාර සම්පන්න සමාජයක් ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිච්ඡේද 20කින් සමන්විත කරුණු ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම්, භාෂා හෝ අන් කිසිදු භේදයක් නොතකා සලකන බවද දක්වා ඇත. ළමා හා කාන්තා හිංසනය, පාතාලය හා මත් උවදුර පිටු දකින බවද එහි දැක්වේ.
අද උදෑසන ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශකනය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීය. ආගමික නායකයෝ, විද්වත්හු හා දේශපාලනඥයෝ රැසක් ඊට එක්වූහ.
එම ප්‍රතිපත්ති ප්‍රකාශයට පිවිසෙන්න...
file:///C:/Users/news/Downloads/BOOK%20LAYOUT-Sinhala%20New.pdf















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය නියතයි තුන්වන වරටත් ඔබමයි ජනපති (නදී)
ඔබතුමා දැන් ලොවම බොහෝදුරට දිනා අවසානයි (නි)
මහින්ද කියන්නේ මිහිඳු හෙවත් මිහි ඉදු යන්නයි. මිහි කියන්නේ ලෝකයට. ලෝකයට කියන තවත් නමක් තමයි 'දිය' යන්න. ඉදු කියන්නේ රජ නොහොත් සේනාධිනායක. ඒ කියන්නේ "සෙන්" යන්න. එතකොට මහින්ද කියන්නේ ජනප්‍රවාදයේ පැවති 'දියසෙන්' කුමාරයා මය . බලන්න කොච්චර ලස්සනට ගැලපෙනවද කියලා. ඉතින් දියසෙන් කුමාරයට විරුද්ධව අපි ඡන්දෙ දෙන්නේ කොහොමද. (නදී)
රට විනාශ වෙලා ලොව දිනලා අපට ඇති වැඩේ මොකක්ද? (නදී)
අපේ ජනපති ඔබම තමයි. ජයවේවා! ජයවේවා! ජයවේවා! (නි)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)