IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොව දිගම දවස ගුරුදා

අද මධ්‍යම රාත්‍රියේ දී ලෝකයේ වෙලාවට වැඩිපුර තත්පරයක් එක්කිරීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය තීරණය කැර ඇත.  පෘථිවිය තමන් වටා එක් භ්‍රමණ වාරයක් හෙවත් දිනක් සම්පූර්ණ කිරීමට දිනකට තත්ත්පර 86,400ක් ගතකරන බව සම්මුතිය වුව ද ඒ සඳහා ගත වන සත්‍ය කාලය වන්නේ තත්ත්පර 86,400.02 කි.

ඒ අනුව වරින් වර මේ දෝෂය නිවැරදි කිරීමට සිදුවෙයි. නාසා ආයතනය පවසන්නේ හිරුගේ හ සඳේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ක්‍රමයෙන් පෘථිවිය දිනක් සම්පූර්ණ කිරීමට ගත වන කාලය දිගුවෙමින් යන බවයි.

මෙලෙස ලෝකයේ වේලාව නිවැරදි කිරීමේ ආරම්භය සිදුවූයේ 1972 වර්ෂයේ දි ය. ඒ අනුව අවසන්වරට තත්ත්පරයක් ඔරලෝසුවට එක්කිරීම 2012 වර්ෂයේ දී සිදුකැරිණි. අද සිදුකරන වෙනස 2000 වර්ෂයෙන් පසු සිදුකරන හතරවැනි වෙනසයි.

මේ වෙනස සිදුකරන්නේ අද මධ්‍යම රාත්‍රියේ දී 12.59.59 ට පසු 12.59.60 ලෙස සටහන් කර ඉන් අනතුරුව 00.00.00 ලෙස ගණනය ආරම්භ කරමිනි.



අදහස් (0)

ලොව දිගම දවස ගුරුදා

පානා Wednesday, 01 July 2015 02:47 AM

සුමනදාස මහත්තයාගේ අනාවැකිය මහින්දට තත්පරය වැඩිවීම හොඳලු (නදී)

:       0       0

තිලක නවරත්න Tuesday, 30 June 2015 02:54 PM

දවසින් දවසම නවීන විද්‍යාව විසින් බුදුදහම සනාථ කරනවා. (ර)

:       0       0

විජිත් Tuesday, 30 June 2015 03:56 PM

තත්පර 0.02 කින් දවසක කාලය වැඩි නම් 2012 සිට මේ දක්වා අවුරුදු තුනකට තත්පර දෙකක් වැඩි වෙනවානේ. ඇයි තත්පර එකකින් වැඩි කරන්නේ ? (ර)

:       0       0

සිල්වා නයන Tuesday, 30 June 2015 04:00 PM

ප්‍රතිගාමී බටහිර අදහසක්. (ර)

:       0       0

වාසනා Tuesday, 30 June 2015 05:19 PM

අපි දැන් මොනවද කරන්න ඕනෑ? (නි)

:       0       0

මොහ‍ොට්ටාල Tuesday, 30 June 2015 05:46 PM

අනේ මන්දා මේ මොනවා කරනවද කියලා? (නි)

:       0       0

සුනිල් Tuesday, 30 June 2015 07:08 PM

ඔය ඔක්කොම මිනිස්සු මවාගත් දේවල් කියායි මම නම් හිතන්නේ (නි)

:       0       0

වාසනා Wednesday, 01 July 2015 06:16 AM

අපි වගේ හුදී ජනයා දැන් කල යුත්තේ කුමක්ද? (නදී)

:       0       0

විජේසුන්දර Tuesday, 30 June 2015 09:57 PM

දැන් අපිත් අපේ ඔරලෝසුව වෙනස් කරගන්න ඕනෑද? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 30 June 2015 10:42 PM

නියමයි නේ! මේ තත්පරය තුළ කොච්චර දේවල් කරන්න අපිට පුළුවන් වේවිද? (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 01 July 2015 06:29 AM

සචිත්ගේ අදහස හරි. වසරකට තත්පර 7.3ක් වැඩි වෙනවනේ.(නදී)

:       0       0

සෑම් Wednesday, 01 July 2015 12:41 AM

මේක නිසැකවම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. අපි මේකට විරුද්ධව පෙළගැසී සටන්කළ යුතුයි ...! (නි)

:       0       0

සචිත් Wednesday, 01 July 2015 01:04 AM

තත්පර 0.02 × 50 = තත්පර 1. ඒ අනුව දින 50කට වරක් තත්පර 1 බැගින් වැඩි කළ යුතුයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 89 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site