අද මධ්‍යම රාත්‍රියේ දී ලෝකයේ වෙලාවට වැඩිපුර තත්පරයක් එක්කිරීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය තීරණය කැර ඇත. පෘථිවිය තමන් වටා එක් භ්‍රමණ වාරයක් හෙවත් දිනක් සම්පූර්ණ කිරීමට දිනකට තත්ත්පර 86,400ක් ගතකරන බව සම්මුතිය වුව ද ඒ සඳහා ගත වන සත්‍ය කාලය වන්නේ තත්ත්පර 86,400.02 කි.
ඒ අනුව වරින් වර මේ දෝෂය නිවැරදි කිරීමට සිදුවෙයි. නාසා ආයතනය පවසන්නේ හිරුගේ හ සඳේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ක්‍රමයෙන් පෘථිවිය දිනක් සම්පූර්ණ කිරීමට ගත වන කාලය දිගුවෙමින් යන බවයි.
මෙලෙස ලෝකයේ වේලාව නිවැරදි කිරීමේ ආරම්භය සිදුවූයේ 1972 වර්ෂයේ දි ය. ඒ අනුව අවසන්වරට තත්ත්පරයක් ඔරලෝසුවට එක්කිරීම 2012 වර්ෂයේ දී සිදුකැරිණි. අද සිදුකරන වෙනස 2000 වර්ෂයෙන් පසු සිදුකරන හතරවැනි වෙනසයි.
මේ වෙනස සිදුකරන්නේ අද මධ්‍යම රාත්‍රියේ දී 12.59.59 ට පසු 12.59.60 ලෙස සටහන් කර ඉන් අනතුරුව 00.00.00 ලෙස ගණනය ආරම්භ කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමනදාස මහත්තයාගේ අනාවැකිය මහින්දට තත්පරය වැඩිවීම හොඳලු (නදී)
දවසින් දවසම නවීන විද්‍යාව විසින් බුදුදහම සනාථ කරනවා. (ර)
තත්පර 0.02 කින් දවසක කාලය වැඩි නම් 2012 සිට මේ දක්වා අවුරුදු තුනකට තත්පර දෙකක් වැඩි වෙනවානේ. ඇයි තත්පර එකකින් වැඩි කරන්නේ ? (ර)
ප්‍රතිගාමී බටහිර අදහසක්. (ර)
අපි දැන් මොනවද කරන්න ඕනෑ? (නි)
අනේ මන්දා මේ මොනවා කරනවද කියලා? (නි)
ඔය ඔක්කොම මිනිස්සු මවාගත් දේවල් කියායි මම නම් හිතන්නේ (නි)
අපි වගේ හුදී ජනයා දැන් කල යුත්තේ කුමක්ද? (නදී)
දැන් අපිත් අපේ ඔරලෝසුව වෙනස් කරගන්න ඕනෑද? (නි)
නියමයි නේ! මේ තත්පරය තුළ කොච්චර දේවල් කරන්න අපිට පුළුවන් වේවිද? (නි)
සචිත්ගේ අදහස හරි. වසරකට තත්පර 7.3ක් වැඩි වෙනවනේ.(නදී)
මේක නිසැකවම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. අපි මේකට විරුද්ධව පෙළගැසී සටන්කළ යුතුයි ...! (නි)
තත්පර 0.02 × 50 = තත්පර 1. ඒ අනුව දින 50කට වරක් තත්පර 1 බැගින් වැඩි කළ යුතුයි නේද? (නි)