හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අද (13) පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය.

පොලිසිය කළ දැනුම්දීමක් අනුව ඔහු පැමිණියේ උතුරු නැගෙනහිර සුනාමි අවතැන්වූවනට නිවාස ඉදිකිරීම සඳහා පිහිටවූ රාඩා ආයතනයට රුපියල් ලක්ෂ 33 ක වංචාවක් සම්බන්ධයෙනි.

එම ආයතනයේ හිටපු ප්‍රධානියකු අද හෙටම අත් අඩංගුවට ගැනීමට නියමිතය.