මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ අස්ථානගත වු බව කියන වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (31) කැඳවනු ලැබීය.
ජනපති ලේකම් කාර්යාලයයේ වාහන පාච්චි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී , ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ සංවිධායක ජයන්ත සමරවීර ද එහි කැඳවනු ලැබ සිටියේය.
ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ද අද (31) එහි කැඳවනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ගියාට කමක් නෑ, පරීක්ෂණ දිගටම ගෙනියන්න (බ)
කමලනි කියන්න බල්ලන්න මේ අය රට වෙනුවෙන් කරපු දෙයක් රටට කෙසේ වෙතත් මේ අය කරගත්තු දේවල් නම් ඒ පැවති පාලනය තුළ නම් හොඳයි (බ)
මේ අය ඔක්කොම බලය තිබෙන කාලේ හොඳට හම්බකරන්න ඇතිනේ. කරුණාකරලා පරීක්ෂණ සියල්ල දේශපාලකයන්ගෙන් බේරාගෙන නිවැරදි තීරණයක් එනතුරු ඉදිරියටම ගෙනියන්න. (නි)
මේ පලිගැනීම් කරන අය තමන්ගේ අනාගතේ ගැනත් හිතුවත් හොදයි. තමන් වපුරපු වෛරය තමා අනාගතේ නෙලාගන්න ලැබෙන්නේ.(අ)
මේකට නොගිහින් ඉන්න ඕනෙ නම් මේ පාණ්ඩු ආණ්ඩුවට කත් ඇදිය යුතුයි.මේ අවුරුදු 5 ටම මේ සංදර්ශනය විතරයි.?(අ)
මේ අයගේ පසුගිය කාලයේ කලදෙවල් වල නිවැරැදී තෙරතුරු අධිකරණයට ඉදිරිපත් කරන්න එවිට නිවැරැදී තීන්දුව රටට හෙළිවේ .(අ)
ජනතා මුදල් මංකොල්ල කෑ අයට පවතින නිතීයෙන් දඩුවමි නොලැබුනත් සවභවධර්මය ඔවුනට දඩුවමි කරනු අැත. (අ)
එතකොට දැන් හොර කන අයව ගෙනියන් නැද්ද? කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එන බව අහල නැද්ද? (අ)
මම මෙතුමා යටතේ අවුරුදු 5 ක් සේවය කළා. ඔහු ඉතාම විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙක්. එතුමා හිටපු අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ළඟත් සේවය කරලා සියලු දෙනාගේම ප්‍රසංශාවට ලක් වුනා. ඒ නිසාම විය යුතුයි හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා මෙතුමාව ජනාධිපති ලේකම් වශයෙන් පත්කරන්න ඇත්තේ. (බ)
මේවා හැකි ඉක්මනින් අහවර වෙන්න ඕනේ (ම)
අපි වගේ රට අත්‍හැරලා විදේශගත වෙන්න යමක්කමක් තිබෙන, යමක්කමක් ඉගෙනගත්ත අය උත්සාහ කළේ නැත්නම් අනේ ඔබලාට ‘සොරි තමයි‘! (නි)
අපි ඕනෑතරම් බදු ගෙවන්න සූදානම්. හැමෝටම ඕනෑ වුණේත් ඒකනේ (නි)
රටට මොනතරම් සේවයක් කළ අයද මේ.(ම)
තමන්ගේ බුදලේ වගේ රටකාපු මෙයාලව නීතියට හසුකරන්නම ඕනෑ (ම)