(රෝෂන් තුෂාර)
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසින්හ අද නියෝග කළේය.
කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව පසුගිය නොවැම්බර් 14 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම නිසා එම තීන්දුව ලබාදීම කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කටයුතු කළේය.
මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා දේහයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති හෙයින් එම වාර්තා ලැබෙන තෙක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සිය වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇති බව කරුණු ඉදිරිපත් කර ඇත.
කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාල සාක්ෂි ලබාදීම මේ වනවිට අවසන් කර ඇති අතර මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂිකරුවන් 8 දෙනෙකු අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදී ඇත.
මියගිය කොතලාවල මහතාගේ බිරියගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජේරත්න, හා බම්බලපිටිය පොලීසියේ සැරයන් (8764) විමලරත්න මෙන්ම කොතලාවල මහතා යටතේ සේවය කළ සේවකයන් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ගෝල්ඩන්කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ජූඩ් මාකෝ පෙරේරා,යූ.ඩී රම්‍යා,සිසිර කුමාර සමරසිංහ,මහින්ද උපසේන වඩුගේ,සුනේත්‍රා කුමාරි රණසිංහ,හා දිනේෂ් සඳරුවන් ජයවීර යන අය එසේ සාක්ෂි ලබා දුන්හ.
2025 දෙසැම්බර් මස 18
120
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණය අධිකරණය ඉල්ලයි
Bunny Preena Tuesday, 23 January 2024 09:59 AM
වංචාකාර පාලකයින් සහ ඔහු වටා සිටි වංචාකාරයින් බොහෝ දෙනෙකුගේ මුසා බස් වලට රැවටුණු නිහතමානී පුද්ගලයෙකි