දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ‘ නමැති රෝගයට භාජනය වෙතියි ළමයින් ගැන සමීක්ෂණයක් කරන මහාචාර්ය සාගර කරුණාතිලක මහතා පවසයි. ඔහු කොඳු ඇට පෙළේ ආබාධ ගැන විශේෂඥ වෛද්‍යවරයෙකි.
හෙළ වෙදකම හා සම්බන්ධ වෙමින් කොඳු ඇට පෙළ රෝගවලට ප‍්‍රතිකාර සිදු කරන සාගර කරුණාතිලක මහතා සඳහන් කරනුයේ මේ වනවිට ඔහුගෙන් ප‍්‍රතිකාර ගැනිමට පැමිණෙන රෝගින් අතරින් පාසල් යන දරුවන් රැසකට මෙම කොඳු ඇට පෙළේ ඇදවීම දක්නට ඇති බවයි.
එක දිගටම ටියුෂන් පන්තිවල වැරදි ඉරියව් වලින් වාඩිවී සිටිමත් අධික ලෙස බර පොත් බෑග් කරේ එල්ලා ගෙන යෑමත් කැල්සියම් ඇති ආහාර නොගැනිමත්. යුරියා වැනි ද්‍රව්‍ය යෙදු එළවළු (කෘමිනාශක) යෙදු පළතුරු වැනි ආහාර කෑමට ගැනීමත් නිසා කොන්දේ ඇදයන් සිදු වන බව සාගර කරුණාතිලක මහතා පවසයි.
පාසල් දරුවන් අතරින් ගැහැණු දරුවන්ට මෙම කොඳු ඇදය හැදීම ඉහළ ගොස් ඇති බවත් වෛද්‍යවරයා කියයි.
‘‘මෙම රෝගයට ලක් වු දරුවන් ගේ දෙමාපියන් විශාල මුදලක් වැය කර විවිධ වෛද්‍යවරුන් වෙත ගොස් මුදල් වියදම් කර පලක් නොමැතිව පීඩා විදින අය සිටිනවා. දරුවන්ට නිසි අයුරින් කැල්සියම් ඇති හාල් මැස්සන්, කතුරු මුරුංගා. කොස් පොළොස්, පළා වර්ග ආහාරයට නොගැනීමත් නිවැරදි අයුරින් නිදා නොගැනීම, පරිගණක භාවිතයේ දි වැරදි ඉරියව්වෙන් ඉඳගැනීම, ව්‍යායාම් ආදි කි‍්‍රයාකරකම් වල නිරත නොවිම වැනි කි‍්‍රයා නිසා මේ වැනි ආබාධවලට දරුවන් හා වැඩිහිටියන් ලක්වෙමින් පවතිනවා. ව්‍යායාම් වැනි ශරිරයට අවශ්‍ය දේවල් දිනපතාම සිදු කළ යුතුය. දරුවන් අමතර පංති වලට යොමු කිරිමේ දී පුටුවක් රැුගෙන ගොස් තම දරුවාට වාඩි වී සිටිමට සැලැස්සවීමෙන් අනාගතේ තම දරුවන්ට සිදු වන මෙම කොඳු ඇදවිමේ රෝගයෙන් මිදීමට හැකි වෙනවා‘‘ යැයි වෛද්‍ය කරුණාතිලක මහතා පැවසීය.
කොන්දේ ස්නායු තෙරපීමකට ලක්වීමෙන් අභ්‍යන්තර ග‍්‍රන්ථි වලටද දැඩි ලෙස බලපා හදවත, පෙනහලූ, අක්මාව, මොළය, වකුගඩු ආදි ඉන්ද්‍රියයන් මෙම රෝගය නිසා අඩපණවිමට හැකි බවද වෛද්‍ය කරුණාතිලක මහතා අවධාරණය කරයි.
වෛද්‍ය සාගර කරුණාතිලක මහතා
(නිරෝගිමත් දරුවකුගේ කොඳු ඇට පෙළක්)
(වැරදි ඉරියව් නිසා ඇද වූ කොඳු ඇට පෙළක්)
(කොඳු ඇට පෙළ ආබාධයකට ලක්වූ අයකුට ප්‍රතිකාර කරන අයුරු)
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෑලි බංකුව කොන්දට මාරකයක්
නිශාන් Saturday, 28 March 2015 04:35 PM
මෙතුමාගේ ප්‍රතිකාරවලත් මිල බොහොම ඉහළයි. සාමාන්‍ය රැකියා කරන අපට දරා ගැනීමට නොහැකියි.(ත)