දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අසලදී කොළඹ මං තීරුවේ ටයරයක් පිපිරී ගිය ලොරියක් පාර හරහා නතර වීමෙන් පැය බාගයක් පමණ කොළඹ දිසාවේ වාහන ගමනා ගමනය අවහිර විය.
ඒ කාලයේදී කිලෝමීටර් කිහිපයක් දුරට කොළඹ මං තීරුවේ දෙපැත්තේම වාහන නතර වී තිබිණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අසලදී කොළඹ මං තීරුවේ ටයරයක් පිපිරී ගිය ලොරියක් පාර හරහා නතර වීමෙන් පැය බාගයක් පමණ කොළඹ දිසාවේ වාහන ගමනා ගමනය අවහිර විය.
ඒ කාලයේදී කිලෝමීටර් කිහිපයක් දුරට කොළඹ මං තීරුවේ දෙපැත්තේම වාහන නතර වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හිතාමතාම කරපු දෙයක් නෙවිනේ. මේවා අහඹු සිදුවීම්. පිටරටක වුනානම් විශාල අනතුරක්. (අ)
ආදී වේග මාර්ග වලට අවම වේග සිමාත් දන්නා ඕනේ. (හේ)
මේ ලොරි මොඩල් එකට සීට් බෙල්ට් නැ නේද ? (අ)
මේ හේතුකොටගෙන අධිවේගෙි රස්තියාදු උන වානහවලට ප්‍රමාද ගාස්තු ගෙවිය යුතුයි. (නදී)
ටයර් පුපුරන්නෙ වාහනේ අවුලකින් නෙමේ නේ. වාහනේට බැනලා වැඩක් නැහැ. නඩත්තුව හරි හැටි කරන්න ඕනා. එක පාරකුත් බස් එකක ඩැග් එකක් පැනලා අනතුරක් වුනා මේ වගේ. (නදී)
කිසිම දෙයක ප්‍රමිතියක් නැති රටේ ඕවා පුදුම දේවල්ද??? (නි)
පටන් ගන්න කොටනම් වාහනවල ටයර් වල තත්වය නුසුදුසුනම් අධිවෙිගිී මාර්ගයට වාහන අැතුල් කරන්න දුන්නෙ නැහැ.(හේ)
රියදුරාට නොදැරිය හැකි දඩයක් ගහන්න. එවිට රියදුරා මගින් වාහන හිමියන් දැනුවත්වෙනවා ප්‍රමිතියට ඇති වාහන පමණක් අධිවේගී මාර්ගයට ඇතුල් කරන්න. අවට වාහන නොතිබූ නිසා විශාල මාරකයක් මග හැරුනා. (නදී)
කාගෙවත් අදහසක් නැද්ද ආණ්ඩුවට බනින්න මේ සම්බන්දව. (නදී)
ටයරය ගෙවුනත් නැතත් නැවත පිරවූ ටයරයක් පුපුරා යන්න පුළුවන්. අනික ටොන් 7ක ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. ලොරියක් ගොඩක් දුර යනකොට ටයර් රත් වීම නිසා පුපුරන්නත් පුළුවන්. (නදී)
ලොරියක් නැවතුන කියල බැන බැන ඉන්න වෙන වැඩ නැහැ කියලා හිතේ ඇති මිනිස්සුන්ට..... (දී)
ලොරියට ටිකට් දීපු මෝඩයා කව්ද? (නදී)
ලෝකයේ අනිත් රටවලත් අධිවේගී මාර්ග තිබෙනවා. ඒවායේත් ලොරි කැඩෙනවා. අනතුරු වෙනවා. (නි)
මේක විදේශ කුමන්ත්‍රණයක්.ලොරියේ රියදුරාගේ ෆයිල් එක මා ළඟ තියනවා. (නි)
හරි හරි කාර් ජීප් වෑන් වලට විතරක් යන්ට නෙවේනේ ඔය පාර හදල තියෙන්නේ. අනික මේ ලොරිය පරණ එකක් කියල මටනං පෙනෙන්නේ නෑ. (නදී)
සල්ලි පිටුපස දුවනවා විතරයි.මෙවැනි වාහන අධිවේගී මගකට ඇතුල් කිරීමේදී සැලකිලිමත් වෙනවනම් කාලෝචිතයි. (ස)
පිට රටවල්වල වගේ බදු ගෙනියන වාහන රාත්‍රී 10 සිට උදේ 6 දක්වා පමණක් අවසර දුන්න නම් හරි,අනික පරණ වාහන කොහෙත්ම ඇතුල් කරන්න දෙන්න නරකයි..(ස)
අධිවේගේ දැන් බරභාගත් යනවා එහෙනම්. ටොන් 10 ක් විතර පටවලා, මොන අධි වේගයක්ද? උපරිම 50 ට යයි. සල්ලි හම්බවෙනවා නම් ඕන එකක්. (හේ)
මේක හැම මර්ගයකටම ගෙන්න ඕනි. සැහෙන මාර්ග තදබදයකට හේතු වෙන්නව ලොරි කන්ටේනර් වගේ වාහන ගමන් කිරීම. පාරවල් හදනවා වගේම නිසි පාලනයක් තියෙන්නත් ඕනි එවන් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන්නට. දැනට නම් ඉතින් මන් දන්නා විදියට අදිවේගී මාර්ගයේ නොයන වහනයක් නැහැනේ ඕනි එකකට මුද්හල් ගෙවල යන්න දෙනවා. නීති නැහැනේ ආරම්බයේදී වාගේ (අ)
ලොරියක් පාරෙ යායුතු උපරිම වේගය පැයට කි .මී 40 බැවින් අධි වේගී මර්ග වල යාමට ඉඩ දීම නීති විරෝධීයි (අ)
මාර අදහස් දාන්නේ කට්ටිය. ලොරි රියදුරාට දරාගන්න බැරි දඩ ගහන්නලු, ලොරි වලට යන්න දුන්නේ මොකදලු...මේ ලොරියේ හිමිකරු, මේක පදවපු කෙනා නොවෙන බව පිටිපස්සේ වෙළඳ නාමයෙන්ම හිතාගන්න පුළුවන්නේ. ඉතින් රියදුරාට දඩ ගහන එක සාධාරණද? අනික අධිවේගී මාර්ගය හැදුවේ කාර් යන්න විතරක් නෙමේනේ. දකුණේ නිෂ්පාදන කොළඹට ඉක්මනට ගේන්න කියලනේ කිව්වේ. ඉතින් ලොරි වල නැතුව කාර් වල ඒවා ගේන්නද? (අ)
මෙතන කුසගිනි කාරයෙක් ඉල්ලන් කන්න බලාපොරොත්තුවෙන් අහල තියෙනවා මේකටත් ආණ්ඩුවට දොස් කියන්න කවුරුත් නැද්ද කියල. පසුගිය කාලයේ අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වුණා ගෙවීගිය ටයර් යොදා ගෙන රිය පැදවීම නිසා. ඕව හොයා බලන්න තමයි මිනිස්සු චන්දයක් දීල ආණ්ඩුවක් පත් කරගන්නේ. ගෙවීගිය ටයර් සහිත බස් හා ලොරි අයිති ගමේ සිල්ලර කඩේ කරන සිමියොන් ට නොව ආණ්ඩුවේ ම කෙරුමන්ට දොළ පිදේනි දෙන මුදලාලි පැලැන්තියට යි. ඔවුන් කරන නීති විරෝධී ක්‍රියා පොලිසිය නිහඬ කර රකින්නෙත් ආණ්ඩුවම යි. ආණ්ඩුවට වසන්තයක්ම වේවා ! (අ)
මොන රටේද අධිවේගී මාර්ගවල ඔය පරණ ලොරි ධාවනය කරන්ඩ අනුමැති දෙන්නේ, රුපියල් 300 නිසා කීදෙනේක්ගේ වැඩ අමාරුවේ දානවද.(අ)